දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු සහඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද, දකුණු සහඌව පළාත්වලඋදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
අද මධ්‍යම රාත්‍රී 12න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.
ඉදිරි සති තුන තුළ මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ලෙස ඔමික්‍රෝන් පත්විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් රෝගීන් සමාජයට නිරාවරණය වීම අධ්‍යනයේ දී මෙය පැහැදිලි වන බවයි.
මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා පවසනවා. එම තිදෙනා අතරින් එක් අයෙකු ටැන්සානියාවේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා පැමිණ ඇත්තේ සුඩානයේ සිට බවයි මේ වන විට අණාවරණය වී ඇත්තේ.
ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ අද පැවති සාකච්ඡාවකදීය.
සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ අද (23) දිනයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. එසේ වුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් […]
සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ම උතුරු පයාගල වෙරළ තීරයට ගොඩබස්වා ඇත. යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය වෙරළ තීරයට ගොඩ බස්වා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත. හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය වෙරළ තීරයට ගොඩ බස්වා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
ගෑස්වල සංයුතිය සටහන් කරන ලද ලිට්රෝ ගෑස් සිලින්ඩර ඊයේ සිට නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගෑස් අලෙවියේ අඩු වීමක් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර ලාෆ් සමාගම වෙත ගෑස් ලබා දෙන නැව් දෙකක් අද හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. ඒ අනුව අද සිට ලාෆ් ගෑස් ද වෙළඳපොළට නිකුත් කරන බවයි එම සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් […]
කොට්ටාව සිට මත්තල දෙසට දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මත්තල දෙසට ධාවනය වු ට්‍රක් රථයක් අපරික්ෂාකාරී ලෙස නතර කර ඇති අවස්ථාවක එම දෙසට ම ධාවනය වු බවුසර් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුව ඇත.
ආනයනික කිරිපිටි රැගත් නෞකාවල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් පවතින කිරිපිටි හිඟය තවත් මාස දෙකක් පමණ පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ, ආනයනික කිරිපිටි මිලදීගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති වීම හේතුවෙන් බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.