ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් සංචිත නැතිකම, ජාත්‍යන්තර ආධාර පමාවීම ආදී කරුණු රාශියක් නිසා රට තුළ බරපතල අහාර සේම ඖෂධ හිඟයක් ද ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට කුඩා දරුවන් දහස් ගණනක් මන්දපෝෂණය නිසා මරණයේ දොරකඩට පැමිණ සිටින බව මාධ්‍ය වාර්තා කරන්නේ.
තවත් කොරෝනා ආසාදිතයන් 772දෙනෙක් ඊයේ (15) දිනයේ වාර්තා වී ඇත. මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 576,966ක් දක්වා ඉහළගොස් තිබේ.
මාගම් රුහුණු පුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ්‍රයේ ප්‍රථම බන්දිත ගබඩා සංකීර්ණය වන හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ආරම්භ කෙරුණා. හෙක්ටයාර් එකක භුමි ප්‍රමාණයක් දක්වා විහිදෙන මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම් සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සමරු පලකය නිරාවරණය කළා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියෝ මහතාගේ […]
ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 576,014ක් දක්වා ඉහළගොස් තිබේ.
දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වී ඇත. දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී. නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට […]
කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමත් සමඟ කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රාන්තයට පැමිණෙන සියලුම සංචාරකයින් දින තුනක් හෝ පහක් ඇතුළත කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය වනවා.
සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවේ චීනයේත් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වී තිබෙනවා. මෙලෙස වාර්තා වී ඇත්තේ චීනයේ ටියැන්ජින් නගරයට පැමිණි සංචාරකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එම පුද්ගලයාගේ තත්ත්වය අසාද්‍ය නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාස කිහිපයක සිට ගෑස් ආශ්රිත පිපිරිමි සහ ගිනි ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සමඟ රජය තීරණය කලේ මෙරටට පැමිණෙන ගෑස්වල සංයුතිය පරික්ෂාවටයි. ඒ අනුව ගෑස් රැගෙන පසුගියදා මෙරටට පැමිණි නෞකාවේ ඇති ගෑස්වල සංයුතිය රජය පරීක්ෂා කළා. එම ගෑස්වල ද ගඳ සුවඳ හඳුනා ගැනීමේ එතිල් මර්කැප්ටන් නම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස අඩංගු නොවන බවට මේ […]
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රජය සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත සියලුම ගිලන් රථ සදහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගි මාර්ගය භාවිතා කළ හැකි බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට ආරම්භ කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයින හරහා ඊසානදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවති. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදයේ සඳහන් වේ. නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතලේ , හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි […]
පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුලම සිංහල විද්‍යාලය යනු තිස් වසරකට අධික කාලයක් ත්‍රස්තවාදී තර්ජනයට ලක්ව තිබූ පාසලක්. දැන් ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ වන අලි තර්ජනයටයි. ප්‍රථමික අංශයේ දරුවන්ගේ සෙල්ලම් මිදුල ආසන්නයේ ඇති වැට ද වන අලි කඩා දමා තිබෙනවා. වන අලි නිසා දරු දැරියන්ට ඇතිවන ගැටළු සේම අඩු පහසුකම් යටතේ එළුවන්කුලම විද්‍යාලයේ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු […]