සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය […]
ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 745ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,328කි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් පිළිබද සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා අතර හමුවක් සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී යි. මෙහිදී සහකාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවයි.
පාතාල කල්ලි සාමාජික ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා. කලුතර ප්‍රදේශයේ පොලීසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී මොහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති 16 ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මෙම වර්ජනය නිසා අද දිනයේත් දැඩි පීඩාවට ලක් වූයේ අසරණ රෝගී ජනතාවයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.3% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා. සැප්තැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 6.2% ක් ලෙසයි. උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
2021.11.08 දින සිට 2021.11.18 දින දක්වා නොවැම්බර් දෙවන සතිය තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය පහත පරිදි වේ. කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර හා අලෙවි සැල් වසාදමා තිබූ කාල සීමාව තුල දිවයින පුරා නීති විරෝධී මත්පැන් කර්මාන්තයෙහි සීග්‍ර වර්ධනයක් ඇති වූ බව නිරීක්ෂණය කරන ලදි. සුරාබදු බලපත්‍ර ලත් […]
මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. රසායනික පොහොර මාෆියාව කඩිනමින් හදුනාගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. කෙසේ වෙතත් ඊයේ දින කෘෂිකර්ම […]
වෙනිසියුලාවේ සංගීතඥයින් 12,000ක් එක්ව ලොව විශාලතම වාද්‍ය වෘන්දය සහිත සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති අතර ඔවුන් ගිනස් වාර්තාවක් බිඳ හෙලීමට සමත් වී ඇත. විනාඩි 10ක කාලයක් සංගීතය වාදනය කරමින් මෙම වාර්තාවට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙනවා. මේ අතර මෙම තරගාවලියේ තවත් තරගයක් ඉන්දියාව හා පකිස්තානය අතර අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.
ප්‍රවීණ නිළි විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 64 වන වියේ පසුවුවා.