ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 6.00 ටයි. මෙම රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,බස්නාහිරසහඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]
තොග සහ සිල්ලරට අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන වල දෛනික එළවළු මිල ගණන් පහත පරිදි වේ..
යොහානි තමයි මේ මෑත කාලයේ තියෙන ජනප්‍රිය මාතෘකාව.. බොහෝ සමාජ මාධ්‍ය දැන් ඒ ගැන කතා නොකරන තැනක් නෑ.. මේ ඒ ගැන කතාවක්..
ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ පහත පරිදි වේ. අදාල නිවේදනය පහතින්, ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිටසුදුසුකම් සපුරන සියලු දරුවන්ට එන්නත දෙසතියක දීපළාත් ඇතුළත දුම්රිය ධාවනය සඳුදා සිටපළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 සිටපළාත් සංචරණ සීමා 31 පසු ඉවත් කිරීම කෙරෙහි අවධානය
දිවයින පුරා පිහිටි රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සදහන් කරනවා.
පළාත් තුළ දුම්රිය ධාවනය ලබන 25 වෙනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 276 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.
වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා එන්නත්කරණය අද අදාළ පාසල්වලදී සිදු කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
20 – 20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි. තරඟය අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිත අතර තරගයේ සජීවී තරග අත් දැකීම් විදගැනීමට රැදෙන්න සියත tv සමගින්..