කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 10,301ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 490,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කර තිබෙනවා. අදාල නිර්දේශ එම සංවිධානයේ උපායමාර්ගික උපදේශක කමිටුව විසින් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාල පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ පහත පරිදි වේ..
නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට වන අතර මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ.
ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අගමැති අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව අද අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
කන්තලේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර ඊයේ රාත්‍රී 11.00ට පමණ සිදුව ඇති අතර ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ වේගය පාලනය කරගත් නොහැකිව දුම්රිය හරස් මාර්ගයක ඇති ගේට්ටු කණුව ගැටී අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. මෙම අනතුරෙන් 55 හැවිරිදි පොලිස් නිලධාරියෙක් මිය ගොස් […]
මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ […]
තොග සහ සිල්ලරට අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන වල අද පැවැති එළවලු මිල ගණන් පහත පරිදි වේ..
යොහානි කියන්නේ ලොව පුරා සෑම දෙනාගේම අවදානය ආදරය දිනාගත් අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අපේ ගායිකාවක්.. ඇය ඊයේ දිනයේදී ඉන්දියවේ ‘බිග් බොස්’ නම් වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස සහභගි වී තිබු අතර එම වැඩ සටහනේ නිවේදකයා ලෙස කටයුතු කරන්නේ සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ය. එම වැඩ සටහනේදී යොහානි මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරද්දී සල්මාන් […]