News Line| Off Air
Generic placeholder image

Oct
3

බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බහි

Generic placeholder image

බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බැස විරෝධතාවයේ නිරතව සිටීන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට ජනාධිපති කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වීම නිසාවෙන්. එරට අධිකරණය විසින් ද ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර තිබෙනවා.


Oct
3

බලංගොඩ මාර්ගයක කොටසක් නායයෑමට ලක්වෙයි

Generic placeholder image

බලංගොඩ මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. බලන්ගොඩ සමනලවත්ත මාර්ගයේ මස්සැන්න (ඔත්තේ කඩේ වංගුව) ප්‍රදේශයේ කොටසක් මෙලෙස නායයෑමකට ලක්ව තිබෙන අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.


Oct
3

ලෝක අමද්‍යප දිනය අදයි

Generic placeholder image

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා. මේ හේතුවෙන් දිවයින පුරා තිබෙන සුරාබදු බලපත්‍ර ස්ථාන අද දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මත්ද්‍රවය භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට මිය යන බවයි වාර්තා වන්නේ..


Oct
3

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]


Oct
2

2021 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවයේ කිරුළ කාට හිමිවෙයිද ?

Generic placeholder image

ලෝකයේ බහුතර ප්‍රේක්ෂක ජනතාවක් නරඹන ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය හැකිය.. එමෙන්ම අයිසීසී විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ක්‍රිකට් ලෝලීන් ඉතා ඕනෑකමින් මග බලා සිටින්නාවූ තරගාවලියක්.. 2007 වසරේ සිට ආරම්භය සනිටුවන් කළ මෙම තරගාවලිය මේ වසරේද (2021) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කරනු ලබයි.. 2021 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල […]


Oct
1

දිස්ත්‍රික්ක 5ක් සදහා නායයාම් අනතුරු ඇඟවීම්

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය, ඇල්පිටිය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය, 📌නෙළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , දොඩංගොඩ ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , අගලවත්ත ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය📌බුලත්සිංහල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය මහනුවර දිස්ත්‍රික්කය – ගඟවට කෝරලය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , පාතහේවා හැට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , දොළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය කෑගල්ල […]


Oct
1

ආසාදිතයින් 644ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 644 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 518,526ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Oct
1

ඉතාලිකාරයෝ

Generic placeholder image

ලෝකයේ මිනිස්සු විවිධාකාරයි..එක එක රටවල මිනිස්සු හිතන පතන ආකාරය වැඩ කරන පිළිවෙල හැසිරෙන විදිය එකිනෙකට වෙනස්.. අද කතාව ඒ ගැනයි..


Oct
1

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

Generic placeholder image

දිවයිනේ උතුරු , උතුරු මැද , නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය හෙට(02) පස්වරු 12 දක්වා බලපැවැත්වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මිලිමිටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි […]


Oct
1

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Generic placeholder image

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රට නැවත විවෘත කිරීමේදී රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙස මෙහිදී ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත. එමෙන්ම සේවයට කැඳවනු ලබන නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සහ නිලධාරිනියන් සිය නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරී කිරීමට ක්‍රියා කළ යුතුය. රාජ්‍ය සේවයට නැවත සේවකයින් […]


Oct
1

ආසාදිතයින් 597ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 597ක් අද දිනය තුළ සුවය ලබා තිබෙන අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,085ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Oct
1

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගනු ලැබූ තීරණ

Generic placeholder image

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි දැඩිව විමර්ශනය කරන්නැයි කොවිඩ් මර්දන විශේෂ කමිටුව සියලු අංශවලින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වේ. […]


News Articles
Latest Videos
Most Popular Post