සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
රුසියාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 836ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමන වර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි මූළස්ථාන අරුණ කටුගම්පල මහතාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ නායකත්වයෙන් යුතුව පොලිස් පරීක්ෂක ජයලත් මහතා ඇතුළු […]
නිල සංචාරයක් සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 309 දරන ගුවන් යානයෙන්.
කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති සදහන් කරනවා. මේ අනුව රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවට වාර්තා වෙන අතර කෙසේ වෙතත් තලෙබාන්වරු මිට පෙර පවසා තිබුනේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.
වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ගෙන එනු ලැබුවා. ඒ අනුව මාත්‍රා 73,000ක් අද මෙරටට ගෙන එනු ලැබුවා. ඒ, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිටයි.
යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන,
බිනර පුන් පොහො දිනය අදයි. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පුන් පොහෝ දිනයේ යෙදී තිබෙන අතර භික්ෂූණි ශාසනය ආරම්භවීම, එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8 ක් පනවමින් ඊට අවසර ලබා දුන්නේ අද වැනි දිනකය. වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙම පොහොය සැලකේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]