News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

තවත් ආසාදිතයින් 1366ක් සුවය ලබයි

Generic placeholder image

තවත් ආසාදිතයින් 1366ක් සුවය ලබා තිබෙනවා. මේ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 428530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Sep
16

රුපියල් ලක්ෂ 15කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් ලක්ෂ 15කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208 මිලිග්‍රෑම් 890ක්, මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් 350,000ක්, මෝටර් රථයක්, ජංගම දුරකථන 06ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
16

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම්

Generic placeholder image

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසික දරුවන්ට පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබා දීමේ සංකේතාත්මක උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ. පවතින වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපන අභියෝගය ජයගැනීමට සහාය වීම සහ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු විය. රුපියල් […]


Sep
16

සීනි ආනයනයට යළිත් අවසර

Generic placeholder image

සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කරනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Sep
16

ඩුබායිහී දී පැවැත්වෙන IPL තරග ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්ථාව

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කල් දමා තිබුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග මේ මස 19 වෙනිදා සිට නැවත ඩුබායිහී දී පැවැත්වෙන අතර තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථව හිමි වන බව තරග සංවිධාකයින් සදහන් කරනවා. ඒ සීමිත පිරිසකටයි. ඒ අනුව අද සිට තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව […]


Sep
16

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
16

යුධ හමුදාවේ දායකත්වයෙන් අද දිනයේ සිදු කරන එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

යුධ හමුදාවේ දායකත්වයෙන් අද දිනයේ සිදු කරන එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Sep
16

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]


Sep
16

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් රේගු පරික්ෂාවට

Generic placeholder image

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින ඔරුගොඩ වත්තේ RCT බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි. මෙම සැක සහිත අඩි 20 බහාලුම ඉන්දියාවේ සිට පැමිණි ස්ම්ය්ලි ලේඩි (Smiley Lady) නමැති […]


Sep
15

ලැජ්ජ නෑ බං අපිට

Generic placeholder image

ඊයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙනුත් පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. අපි හැමෝම ඒ ගැන දුක් වෙනවා..ඒ අපි හැමෝම ක්‍රිකට් වලට ආස නිසා.. අද කතාව ඒ ගැනයි..


Sep
15

ආසාදිතයින් 1,742ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,742 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Sep
15

තවත් කොවිඩ් මරණ 132ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 132ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post