සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබෙන අතර එහිදී දුන් නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා. තරගය සජීවීව සියත TV තුලින් නැරඹිය හැකිය..
කුඩා සිතුල්පව්ව දාගැබ හැරීම ගැන විමර්ශනයට කමිටුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කර තිබෙනවා. ඒ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂවරියගේ ප්‍රධානත්වයෙන්.
දිවයිනේ සෑම රෝහලකම දෛනිකව ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා. ඒ අනුව සෑම කොරෝනා රෝගියෙකුටම හිඟයකින් තොරව ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද දිවා රාත්‍රී තරඟයක් ලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 2.30.ටයි. ක්‍රීඩා ලෝලී ඔබට මෙම තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. සංවත්සර සැමරුම අද පස්වරුවේ zoom තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබෙනවා
අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 23ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 437 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරේ.
තවත් එන්නත් මාත්‍රා මිලියන 12ක් ලබන මාස 02 තුළ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත වල අහස වලාකුළින් බර ව පවතී. බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,884 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 443,186ක්.
සහල් සහ සීනි සඳහා හෙට සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා.
විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් කොලොම්බියාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන බවත් මෙම නව වෛරස් ප්‍රභේදය “මූ” නමින් නම් කර තිබෙන අතර එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන බව මේ වන කොට හදුනාගෙන තිබෙනවා. කොලොම්බියාව තුල මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවයි විදෙස් වාර්තා සදහන් […]