පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද(21) සහ හෙට(22) යන දිනයන්හිදී අපේක්ෂා කෙරේ. මධ්‍යම, ඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.මෙම ප්‍රදේශ වලඅහස වලාකුළින් බරව පවතිනු ඇත […]
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,825ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන ඉහළ දැමීමට අදාල නීතිය එරට බලධාරීන් විසින් අනුමත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම නීතිය පැවතුනේ වීවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන දෙදෙනෙක් ලෙසයි. ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩු වී ඇති හෙයින් එම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් […]
කොරෝනා ආසාදිතව සිටි තවත් 2096ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 320810 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා.
ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 වෙනිදා සිට සජීවීව සියත tv තුලින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබට නැරඹීමට අවස්ථාව හිමි වනවා. පසුගියදා පැවැත්වූ ඉන්දීය තරගාවලියේදී ද මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සියත අප නාලිකාව වන අතර එම ජයග්‍රාහී මාධ්‍ය මෙහෙවර මෙම තරගාවලිය සදහා ද අප ලබාදීමට කටයුතු කරන අතර ඒ සදහා එක් […]
අද රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා දක්වා රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් එක් කරමින් සදහන් කර සිටිනවා.
කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,
යුධ හමුදාව විසින් දිවයිනේ ස්ථාන ගණනාවකදී අද එන්නත්කරණය සිදුකරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. එන්නත්කරණය සිදුකරන ලබන ස්ථාන පහතින්,
සායනික ඔක්සිජන් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකා නාවික ශක්ති’ නම් නෞකාව ඉන්දියාව බලා පිටත්ව ගිය අතර මේ වන විට එම නෞකාව ඔක්සිජන් රැගෙනචෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් ව තිබෙනවා.. මිට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති’ නම් තවත් නෞකාව ක් ද ඔක්සිජන් රැගෙන විශාඛාපට්නම් වරායෙන් මෙරට බලා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සිදු කෙරෙන දිනය පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
මෙරටින් තවත් කොරෝනා මරණ 186ක් වාර්තා වී තිබෙනවා. ඊයේ(18) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 111 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 75 දෙනා කාන්තාවන් වෙනවා.