ජූලි 25 ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා. ලෝකයේ වසරකට ලොව පුරා පුද්ගලයින් 220,000 අධික පිරිසක් මිය යන අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික එම මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 800ක් වන බවයි පැවසෙන්නේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී […]
දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද සහ දැරියගේ පියා ඇතුළු තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. මෙම පොහොය දිනයෙන් භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන අතරබුදුන් වහන්සේගේ පළමු එනම් මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී. කොරෝනා වෛරසය හේතුවෙන් සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් […]
පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් -19 එන්නත ලබාගෙන නොමැති නම් එය කඩිනමින් දැනුම්දෙන ලෙසයි. එලෙස ලබාගෙන නොමැති පිරිස් සේවය කරන සිය පාසල අයත් කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්නා ලෙසයි එහි වැඩි දුරටත් […]
පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අදාළ කාන්තාවට මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍ර දෙකම එකම දිනයේ ලබාදීම හේතුවෙන් ඇති වූ සංකුලතා නිසා ඇය මේ වන විට පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.
ICC යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 20% ක දඩයක් නියම කර තිබෙනවා. ඒ ඉන්දියාව සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙදී නියමිත කාලයට පන්දු නොයැවීමට අදාලවයි.
වයස අවුරුදු 18ට වැඩි පිරිසටත් එන්නත් ලබා දීම අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. අද දිනයේ ද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍ර ලක්ෂ 20 ක් මෙරටට ලැබුණු අතර ඒ තුලින් මෙරට සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීමට හැකි වෙනු ඇති.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉකුත් මැයි මාසයේදී වසා දැමුණු දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,604ක්. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 486ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 279 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක මට්ටමින් නව ආසාදිතයින් වාර්තා වූ අයුරු පහතින්,
අද කොරෝනා මර්දන එන්නත්කරණය දිවයින පුරා මධ්‍යස්ථාන 151 කදී සිදු කෙරෙනවා. අදාල මධ්‍යස්ථාන පහතින්,
ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරනවා. කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ, අබ, උළුහාල් යනාදී අත්‍යවශ්‍ය කුළුබඩු ඇතුළත් මෙම පිරිමැසුම්දායී කුළුබඩු ඇසුරුම, ඉදිරි සතිවල සතොස අලෙවි ජාලයෙන් ජනතාවට මිලදී ගැනීමට හැකි බවයි […]