හෙට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් තිබුණද ඒ සදහා මෙතෙක් කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ අවසර හිමි ව නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා. මේ අතර හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත් අනුරාධපුර, වවුනියාව සහ මුලතිවු දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු […]
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව ගොඩනැගෙන හරිත ආර්ථිකයකට අනුගතවූ බලශක්ති උත්පාදනය, සංරක්ෂණය සහ කළමනාකරණය යන අරමුණු පෙරදැරිව, පොසිල ඉන්ධන වලින් තොර තිරසර බලශක්ති ක්ෂේත්‍රයක අවශ්‍යතාව ශාක්සාත් කරගැනීම වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව එම ක්‍රියාවලියේ කොටස්කරුවන් කරගනිමින්, සෑම වසරකම ජූනි 26 දින ජාතික බලශක්ති දිනය වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට, විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය […]
X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට වූ හානියට අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙන අතර ඒ අනුව , අතුරු වන්දිය ලෙස රුපියල් මිලියන 715 ක වන්දි ගෙවීමට එම සමාගම එකඟ වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
අද මේ දක්වා කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,239 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 249,291ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එක අයෙක් අතුරුදන් ව තවත් සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,843 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 214,668ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ජිවිතේ බොහෝ දෙනාට ඇත්තටම කිවුවොත් හැමෝටම වගේ කුමක් හෝ ප්‍රශ්නයක් ජිවිතේ තියෙනවා.. ප්‍රශ්න නැති කෙනෙක් නැති තරම්…එමෙන්ම සමාජයේ ජිවත් වන සෑම අයෙකුටම සුවිශේෂී වටිනාකමක් තියෙනවා. අපි ගැන කවුරු හෝ අගයකිරීමක් කරනවා නම් අපි හැමෝම ඒකට කැමතියි.. මේ කතාව අද ඒ ගැනයි.
ජනාධිපතිවරයා අද ජාතිය අමතන බව පැවසෙන අතර,ඔහු නොවලහා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතික ලෙස තීන්දු කළ පොහොර තහනම හකුලාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(25)සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවසීය. තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දු වලට එරෙහිව ජනතාව සමග අරගල කළ බවත් එය නොනවතින අරගලයක් බවත් […]
කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එංජිමේ ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සදහන් කරනවා. මහා රාවණා ප්‍රදීපාගාරය සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේදී මෙම නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
රටෙහි පවතින covid – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාලසීමාව තුළ , තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුත්ක ලබා එම අනුයුක්ත කාලසීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතුය. තවදුරටත් එකී සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් , පාසල් […]
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1941 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් අටදහස් පනහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 386 ක්. කොළඹින් 261 දෙනෙකු ද කළුතරින් 252 නෙකුද, වාර්තා වී තිබෙනවා.