කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කාබනික පොහොර ආනයනය කිරීමට අදාල අනුමැතිය කැබිනට් මණ්ඩලයේ හිමි වුවද ඒ තුලින් වියහැකි හානිය සලකා ආනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරනවා.
ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමී නගරයේ පිහිටි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදවා ගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. කඩා වැටුණු ගොඩනැගිල්ල 1981 දී පමණ ඉදි කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය එංගලන්තයට හිමි වුණා. ඒ තරග තුනකින් සමන්විත තරගාවලියේ ,තවත් තරගයක් ඉතිරිව තිබියදී. ඊයේ පැවැති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් එංගලන්තයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් හිමිකර ගත්තා. ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණක් වූ […]
ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් කොවිඩ් -19 වෛරසය පවතින කාලය අතරතුර ශ්‍රී ලාංකිකයින් සදහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ රාජකාරි සිදුවන ආකාරය පිලිබදව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කල අතර එය තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට හිමි වූ මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙසයි.
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරූණා. මාසයකට ආසන්න කාලයක් පනවා තිබු සංචරණ සීමා ඉකුත් 21 වෙනිදා ඉවත් කෙරුණු අතර යළි ඉකුත් 23 වෙනිදා රාත්‍රී 10.00ට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකළ අතර එය අද අලුයම 4.00ට පැවැත්වුණා.
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. වයඹ සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ ගින්නෙන් අදාල වෙළෙදසැල් දෙක සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ගින්න අද අලුයම් කාලයේ හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොසොන් පොහොය නිමිත්තෙන් අද දිනයේ සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබෙනවා. මේ අතර LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.
අද අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එම ප්‍රදේශ පහතින්,
බුදු දහම මෙරටට දායාද වුණු උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. සදාචාරවත් දැහැමි සමාජයකට මුලාරම්භය සනිටුවන් කල ඒ උතුම් මහින්දාගමනය සිදු වූණු දිනය අදයි. මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවන් කෙරූ දිනයක් ලෙස පොසොන් පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් වෙනවා. එමෙන්ම බුදු පියාණන් වහන්සේ පළමු වරට රුවන් ගෙයි වැඩ හිදමින් සවණක් ඝණ බුදු […]
තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.