News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

නීති විරෝධීව ආනයනය කළ විදෙස් දුම්වැටි තොගයක් හමුවෙයි

Generic placeholder image

චීනයේ සිට ආනයනය කල අඩි 40 බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තුල තිබී නීති විරෝධි ව ආනයන කල චීනයේ නිෂ්පාදිත සිගරැට් තොගයක් සොයා ගන්නා ලදි. මෙම බහාලුම ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ආයතනයක නමින් මෙරටට ආනයනය කර ඇති අතර එහි මළු 1,415 ක අඩංගු යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් […]


Jun
23

ආසාදිතයින් 1,358ක්

Generic placeholder image

අද දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,358ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Jun
23

සිඩ්නි නගරයේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

Generic placeholder image

සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අද දින ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙතෙක් හමුවී ඇති ආසාදිතයින් ගණන 37ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ හේතුවෙන් එම නගරයේ ජනතාවට ගෘහස්තව ද […]


Jun
23

ආසාදිතයින් 1,890ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,890කට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 211,186ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
23

ප්‍රවීන නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වී තිබෙන බව එතුමාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබෙනවා. මියයන විට එතුමා 71 වන වියේ පසුවුවා.


Jun
23

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

අද දිවයිනේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Jun
23

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදයි

Generic placeholder image

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාව අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී සිදු විය. පූජ්‍යපාද මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කොට වදාළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මැතිණිය ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.


Jun
23

ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කල නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් රේගු අත් අඩංගුවට

Generic placeholder image

සූක්ෂ්ම ලෙස සඟවා ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කල නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම ප්‍රදේශයේ සැකකාර සමාගමක් විසින් මෙම නීති විරෝධී හක් බෙල්ලන් අඩංගු බහාලුම අපනයනය කිරීම සඳහා 2021 ජුනි මස 15 වන දින උත්සාහ කිරීමේ දී ලැබුණු බුද්ධි […]


Jun
23

රනිල් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් තිබෙනවා. ඒඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි.


Jun
23

ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් සිදුවු අලාභය තක්සේරුවට අනු කමිටු 5ක් පත් කෙරේ

Generic placeholder image

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා අනු කමිටු 05ක් පත්කර තිබෙනවා. පත් කර තිබෙන අනු කමිටු 05 පහතින්, *රක්ෂණ අනු කමිටුව*නෛතික අනු කමිටුව*ධීවර අනු කමිටුව*පාරිසරික අනු කමිටුව*ආර්ථික අනු කමිටුව


Jun
23

පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද […]


Jun
23

තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. අදාල මාත්‍ර තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිල දී ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post