News Line| Off Air
Generic placeholder image

Jun
15

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල මෙන්න

Generic placeholder image

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජයග්‍රණය කරන කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කරනවා. ඒ අනුව අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 ක් වන බවයි පැවසෙන්නේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි.


Jun
15

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිපද වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කිරීම සදහා යොදා ගත් උපකරණ තොගයක් සමග කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙහෙයුමකදී අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Jun
15

මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මහාමාර්ග අමාත්‍යාංශය

Generic placeholder image

මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සදහන් කර සිටිනවා. අදාල නිවේදනය පහතින්


Jun
15

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 526ක්.කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී තිබෙනවා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,


Jun
15

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද

Generic placeholder image

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින් සඳහා වන්දි ලබාදීම අද සිට ආරම්භ වනවා. ඒ අනුව ධීවර පවුල් 9,883ක් වෙනුවෙන් වන්දි මුදල් ලබාදෙන අතර මීගමුවේ පවුල් 6,042ක්, වත්තල පවුල් 1,409ක්, කටානේ පවුල් 233ක් සහ ජා-ඇල පවුල් 69ක් අදාළ වන්දි මුදල් ලබ ගැනීමට නියමිතයි.


Jun
15

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

Generic placeholder image

ඊයේ දිනයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ කිහිපයක් පහතින්,


Jun
15

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබාදෙයි

Generic placeholder image

ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 31,440 කට ලබා දී තිබෙන අතර ඒ අනුව මේ වන විට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂයකට අධික පිරිසකට ලබා දී තිබෙනවා. එම ගණන දහතුන් ලක්ෂ 26,784ක්.


Jun
15

ඊයේ මෙරටින් තවත් ආසාදිතයින් 2324ක්

Generic placeholder image

ගත වූ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2324ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ විසිපන්දහස් නවසිය විසි දෙකක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම ඉකුත් 13 වන දින මෙරටින් තවත් කොරෝනා මරණ 57 තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 2203ක් දක්වා ඉහල ගියා.


Jun
15

අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව

Generic placeholder image

අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී අදාල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.


Jun
15

නිරෝධායන රීති කැඩූ පිරිස ඊයෙත් දහස ඉක්මවයි

Generic placeholder image

නිරෝධායන රීති කැඩූ පිරිස ඊයෙත් දහස ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 1,356 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්. ඒ අනුව මේ දක්වා නිරෝධායන රීති කැඩීමෙන් අත් අඩංගුවට ගත් සමස්ත පිරිස පුද්ගලයින් 33,949 ක් .


Jun
15

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. […]


Jun
14

දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අවදානම තවදුරටත්

Generic placeholder image

ඉකුත් දින කිහිපය හා ඊයේ දිනය තුල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට දිනය දක්වා එම නිවේදනය බලපැවැත්වෙනවා. මේ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ , යටියන්තොට, රඹුක්කන , දෙහිඕවිට, මාවනැල්ල , බුලත්කොහුපිටිය, වරකාපොල, අරණායක, ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් , රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, […]


News Articles
Latest Videos
Most Popular Post