ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණෙන් අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ අංක 02 බල ගණයට අයත් යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොච් 32 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා 03 ක් අලුත් වැඩියා කටයුතු සදහා 2020 අගෝස්තු මස යුක්‍රේනය වෙත යවා තිබු අතර අලුත් […]
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ දිනපතාම මරු පහරවල් එල්ල කරන ආණ්ඩුව ඊයේ රාත්‍රියේ නවතම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් මුළුමහත් ජනතාවම අන්ත අසරණ වී සිටින අතර අවම මානව හැගීමක් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කල නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහල දමමින් අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළි එළිදක්වා ඇති […]
ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2789 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරින් වැඩිම කටාන සහ කටුනායක ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 505 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත දින 07 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදිය යුතු බවට වන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කඩිනම් ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේයි. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක්.
ඉන්ධන මිල ඉහල දැමීම පිලිබදව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එය වත්මන් රජයේ අඛන්ඩ අසමත් ආර්ථික කළමනාකරණය සහ කෙටිකාලින ප්‍රතිපත්ති වල තවත් ඇගවීමක් යන්නයි. ඒ පිලිබදව නිකුත් කල නිවේදනය පහතින් ,
ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කර සිටියා. නව මිල පිලිබදව විස්තර පහතින් ,
තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (11) දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක් පත්කර තිබෙනවා. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය මෙම තනතුර සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පත් කර තිබෙනවා.
මේ වන විට පනවා ඇති සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාසදහන් කරනවා. ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇති.
සමාජ මාධ්‍ය පරිශීලනය කරමින් අපි නොයෙකුත් දේ ගැන කතා කරනවා.. නොයෙකුත් දේ පිලිබදව අපට අසන්නට ලැබෙනවා. මේ දිනවල අසන්නට ලැබෙන අලුත්ම මාතෘකාවක් ගැනයි අද මේ කතාව..