අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ඒ අනුව එම ජලාශය ආශ්රිත ප්‍රදේශ වල පහත බිම්වල වෙසෙන ජනතාව ඒ පිලිබදව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.
සන්නද්ධ ප්‍රහාරයකින් බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිවිල් වැසියන් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා. ෆාසෝ රාජ්‍යයේ සොල්හාන් ගම්මානයට එල්ල කර ඇති මෙම සන්නද්ධ ප්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සදහන් කරනවා.
සමගි ජන බලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද පෙරවරුවේ මෙරටට ගෙනවිත් තිබෙනවා. අදාල එන්නත් දිස්ත්‍රික්ක 12 ක ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ.
නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී මේ වන විට ගිලෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. මේ වන විට එය ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
මේ දිනවල පවතින අධික වාර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වලට ගංවතුර තත්වයන් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් එම ඇතිව තිබෙන ගංවතුර තත්වය නිරික්ෂනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් අද දින නිරීක්ෂන මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. එහිදී කළුතර දිස්ත්‍රික්කයට අයත් මතුගම, දොඩන්ගොඩ , අගලවත්ත , බදුරලිය , යන ප්‍රදේශයන්හි […]
මේ වන විට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගංගා ද්‍රෝණියේ ඉහල දාරා ප්‍රදේශ වල බොහෝ ස්ථාන වලට මිලිමීටර 125කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් දෙහිඕවිට , රුවන්වැල්ල , සීතාවක , දොම්පේ , හෝමාගම , කඩුවෙල , , කොළොන්නාව , බියගම , වත්තල, ප්‍රාදේශීය ලේකම් කොට්ඨස වලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් වල […]
පයාගල පොලිසිය විසින් සිදු කල වැටලීමකදී පයාගල පොලිස් වසමේ අක්කර 50 හතරමං හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 200 සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ බෝඹුවල කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඊයේ දිනයේද වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී සාලමුල්ල ප්‍රදේශයේදී […]
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට පමණ තද වැසි ද ඇතිවිය හැක.වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී […]
ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය පත් කර තිබෙනවා. ඒ අනුව එම ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සනත් ජයසුරිය ඉදිරි වසර සඳහා ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවයි.
අද රාත්‍රියේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර , සබරගමුව ,මධ්‍යම යන පළාත් වලට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කලුතර කෑගල්ල, රත්නපුර , […]