ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් […]
ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි.
තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. මෙම හුදකලා කිරීම් එළඹෙන 17 වන සඳුදා පෙරවරු 4.00 සිට ක්‍රියාත්මක වන බව වඩු දුරටත් සදහන් වෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත්150 සී ග්‍රාම නිලධාරි වසමේ වැව පාර මංචෝනා දෙසට ප්‍රදේශයවේවින් මිල් මාවත ප්‍රදේශයවේලාපොඩි පාර ප්‍රදේශයකනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ ප්‍රදේශය 150 බී […]
අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිසිය සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු ව්වෘත කිරීමට අවසර නොමැති බවයි.
රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත් මාත්‍රා 185,000 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරනවා. මීට පෙර එම එන්නතේ මාත්‍රා 15,000 ක් මේ වන විටත් දිවයින ලැබී ඇති අතර ඒවා ජනතාවට ලබාදීම පසුගිය දා සිදු කෙරුණා.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.
ඊයේ තවත් කොවිඩ් මරණ 18ක් සිදුව තිබෙන අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරනවා. කෙසේ වෙතත් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල තැපැල් පත් බෙදා දීමේ කටයුතු සීමා කර තිබෙනවා.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් […]
අදත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,පාළුගහවෙල ගාල්ල දිස්ත්‍රික්කය අහංගම පොලිස් බලප්‍රදේශයේ,කරදුන්ගොඩගෝවියපානකහවන්නගමදොම්මන්ගොඩ හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,ලණුමෝදරබොනවිස්ටාකටුකුරැන්ද රත්නපුර දිස්ත්‍රික්කය පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,දෙනවක පාතකඩදිප්පිටිගල කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,කුරුවිටදෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය හුදකලා බව ඉවත් කළ ප්‍රදේශකොළඹ දිස්ත්‍රික්කය පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,උග්ගල්ල අම්පාර දිස්ත්‍රික්කය දෙහිඅත්තකණ්ඩිය […]
හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි. ඒ අනුව අවසාන අංකය 2,4,6,8 හෝ 0 සහිත පුද්ගලයන්ට ඉරට්ටේ දිනයකදී නිවෙස්වලින් පිටතට යා හැකි වන අතර අවසාන අංකය 1,3,5,7 හෝ 9 සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනයකදී නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති […]
ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 300 දෙනෙකු ද කළුතරින් 417දෙනෙකු ද වාර්තා වනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 131,098 දෙනෙකු වනවා. මේ අතුරින් 106,641 නෙකු සුවය ලැබුවා. 23,607 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.