අද මැදියම් රැයේ සිට දුම්රිය ධාවනය කෙරෙන්නේ පළාත් තුළ පමණක් බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා සදහන් කරනවා.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ අනුවශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලයේ සහ සිට පැමිණෙන ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම වළක්වාලමින් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණ ආසාදිතයින් 551 ක් ලෙස වාර්තා වෙනවා. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් නව ආසාදිතයින් 120ක් , කටානෙන් 58ක්, කිරිඳිවල 20ක්, මහර 18ක්, මීරිගම 19ක්, මිනුවන්ගොඩ 51ක්, මීගමුවේ 24ක්, පල්ලේවෙල 19ක් හා සීදුවේ 63ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. […]
අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.ඒ පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමගයි.
ඉන්දියාවේ ගංගා නදියේ පාවෙමින් ආ මළ සිරුරු කිහිපයක් ගං ඉවුරට ගොඩගසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගංගාවට එම සිරුරු වැටුණේ කෙසේද යන්න අපැහැදිලි වුවද මාධ්‍ය වර්තා පවසන්නේ එම සිරුරු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගේ බවය.සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ එසේ පාවී ආ සිරුරු 100ක් පමණ හමුවී ඇති බවය.
කොරෝනා අවදානම ඉහළ යාම හේතුවෙන් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුවඑරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජුනි මස 07වන දින දක්වා එය ක්‍රියාත්මක වන බවයි. ආසාදිතයින් 444,484ක් වාර්තා වී මැලේසියාවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,700ක්. රට වසා දැමෙන තෙවන අවස්ථාව ද මෙය වෙනවා.
බස්නාහිර ජනතාවට සයිනොෆාම් එන්නත්කරණය අද සිට ආරම්භ කෙරෙනවා. ඒ ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ඇතිවයි. දෛනිකව පුද්ගලයින් 30,000 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,573ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා හමු වූ සමස්ත ආසාදිතයින් ගණන 128,530ක් දක්වා ඉහළ ගියා.රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118 ක් වන අතර කොරොනා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 105,611ක්.
අද මැදියම් රැයේ සිට සියලූම දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පළාත් තුල පමණක් දුම්රිය ධාවනය සිදු වන අතර ඒ අනුව බස්නාහිර පළාත තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර ගණන මෙන්න.. ප්‍රධාන මාර්ගය කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා කාර්යාල දුම්රිය – 10අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 07මීරිගම සිට කොළඹ […]
කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වනවා. ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන විශේෂ කමිටුව අද රැස්වුණා. එහිදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කමිටුව තීරණ කිහිපයක් ගනු ලැබුවා. කමිටුව විසින් ගන්නා ලද තින්දු තීරණ මෙන්න
කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.