අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.ඒ පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමගයි.
ඉන්දියාවේ ගංගා නදියේ පාවෙමින් ආ මළ සිරුරු කිහිපයක් ගං ඉවුරට ගොඩගසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ගංගාවට එම සිරුරු වැටුණේ කෙසේද යන්න අපැහැදිලි වුවද මාධ්‍ය වර්තා පවසන්නේ එම සිරුරු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගේ බවය.සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ එසේ පාවී ආ සිරුරු 100ක් පමණ හමුවී ඇති බවය.
කොරෝනා අවදානම ඉහළ යාම හේතුවෙන් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුවඑරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජුනි මස 07වන දින දක්වා එය ක්‍රියාත්මක වන බවයි. ආසාදිතයින් 444,484ක් වාර්තා වී මැලේසියාවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,700ක්. රට වසා දැමෙන තෙවන අවස්ථාව ද මෙය වෙනවා.
බස්නාහිර ජනතාවට සයිනොෆාම් එන්නත්කරණය අද සිට ආරම්භ කෙරෙනවා. ඒ ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ඇතිවයි. දෛනිකව පුද්ගලයින් 30,000 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,573ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා හමු වූ සමස්ත ආසාදිතයින් ගණන 128,530ක් දක්වා ඉහළ ගියා.රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118 ක් වන අතර කොරොනා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 105,611ක්.
අද මැදියම් රැයේ සිට සියලූම දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පළාත් තුල පමණක් දුම්රිය ධාවනය සිදු වන අතර ඒ අනුව බස්නාහිර පළාත තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර ගණන මෙන්න.. ප්‍රධාන මාර්ගය කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා කාර්යාල දුම්රිය – 10අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 07මීරිගම සිට කොළඹ […]
කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වනවා. ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන විශේෂ කමිටුව අද රැස්වුණා. එහිදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කමිටුව තීරණ කිහිපයක් ගනු ලැබුවා. කමිටුව විසින් ගන්නා ලද තින්දු තීරණ මෙන්න
කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ 351ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් ගණන 7,316ක්.
මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් නවදිල්ලිය වසා දැමීමේ කාලය මැයි 17 දක්වා දීර්ඝ කළ බව දිල්ලි මහඇමති සදහන් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘත කර තැබීමට අවසර ලබාදී තිබෙන අතර මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකාය “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නව ඒකකයේ විශේෂ කාර්ය බලළකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුක්ත වන අතර එම ඒකකය මගින් විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට සදහ සහය ලබා ගැනීම අරමුණ වන බව වාර්තා වන්නේ.