News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

මාලදිවයින් හිටපු ජනපති ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 25 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


May
10

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවන්හි නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙම මෙහෙයුම දියත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව බස් රථවල මගී ජනතාව රැගෙන යාමේදී එහි ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබවත් කුලී රථ මෙන්ම කුලි ත්‍රීරෝද රථවල මගීන් රැගෙන […]


May
10

බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු දමයි

Generic placeholder image

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති රංජිත් දිසානායක මහතා මේ පිලිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කලේ, “මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා […]


May
10

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් – සමස්ත මරණ ගණන 800 ඉක්මවයි

Generic placeholder image

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 800 සීමාව ඉක්මවා ගිගියා. එම ගණන 801ක්.


May
10

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ප්‍රථම වරට 2500 ඉක්මවා යයි

Generic placeholder image

ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,659ක් ඊයේ හඳුනා ගැනුණා. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
10

අද හුදකලා කළ සහ හුදකලා තත්වයන් ඉවත් කරන ලද ප්‍රදේශයන් මෙන්න

Generic placeholder image

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරුණු අතරදිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින්, ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බලප්‍රදේශයේ,ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 Aකේසී සිල්වා 70 B කටාන පොලිස් බලප්‍රදේශයේකදිරාන උතුර – ඇටබගහ වත්ත […]


May
9

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ආබාධිත තත්වයට පත් කරන දිලීර ආසාදනය

Generic placeholder image

Mucormycosis යනු ඉතා දුර්ලභ ආසාදනය වාතයේ මෙන්ම නිරෝගී මිනිසුන්ගේ නාසය සහ ශ්ලේෂ්මලවල පවා දක්නට ලැබෙන බව පැවසෙන වෛද්‍යවරුන් මේ ආසාදනය වීමෙන් කොරෝනා රෝගීන් ආබාධිත තත්වයට පත් කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම ආක්‍රමණශීලී ආසාදනය නාසය, ඇස සහ සමහර විට මොළයට බලපාන බවත්, මේ වන විට මෙම දිලීර ආසාදනය වූ රෝගීන් 40 ක් පමණ දැනටමත් […]


May
9

චීන ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට ඇඳ වැටෙයි

Generic placeholder image

චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. චීනය විසින් අභ්‍යවකාශ ගත කල රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් මිදී පෘථිවිය දෙසට පතිත වීමේ අවදානමක් ඇති බව වාර්තා වුණා. මේ වන විටත් එම යානයේ සුන්බුන් මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් ඇඳ […]


May
9

දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක්

Generic placeholder image

දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව නායයාමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් දිවයින පුරා කළ පරීක්ෂණවලදී හඳුනා ගෙන ඇති අතර රත්නපුර ,කළුතර හා මාතර දිස්ත්‍රික්වල දඋඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 22 ක් ද ඒ අතර පවතින බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ.


May
9

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 22ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


May
9

අදත් හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

Generic placeholder image

අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කය රක්වාන පොලිස් බලප්‍රදේශයේ, දොලේකන්ද ග්‍රාම සේවා වසමරඹුක ග්‍රාම සේවා වසමකත්ලාන ග්‍රාම සේවා වසමතණබෙල ග්‍රාම සේවා වසමඉළුඹකන්ද ග්‍රාම සේවා වසමපොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම කලවාන පොලිස් බලප්‍රදේශයේ, පනාපොළ ග්‍රාම සේවා වසමකුඩුමිටිය ග්‍රාම සේවා වසමකුඩව ග්‍රාම සේවා වසමදෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම […]


May
8

පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අකුණු සමග තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුවසබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ […]


News Articles
Latest Videos
Most Popular Post