News Line| Off Air
Generic placeholder image

May
5

ගුරු විද්‍යාල අවසන් විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

Generic placeholder image

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. අදාල විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත විභාගය කල් දැමීමට තීරණය කළ බවයි.


May
5

බැඳුම්කර නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙසට නියෝග

Generic placeholder image

2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නඩුව […]


May
5

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු අවසන් කරයි

Generic placeholder image

නීතිපතිවරයා විසින් පසුගිය දෙවසර තුළ අපරාධ නඩු 27,206ක් සම්බන්ධයෙන් කටයුතු නිමකළ බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම කටයුතු නිමකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සදහන් කලේ.


May
5

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළට

Generic placeholder image

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 382,691 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,786ක්. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දෙකෝටි 65 ලක්ෂ 8234ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 226,169කි.


May
5

විරෝධය හමුවේ මියන්මාර හමුදාව විසින් එරට ජනතාවට තවත් තහනමක් පනවයි

Generic placeholder image

කුමන්ත්‍රණයෙන් බලය අල්ලා ගත් මියන්මාර හමුදාව විසින් මේ වන විට එරට ජනතාවට තවත් වාරණයක් පනවා ඇති බව විදේස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට මිලිටරි පාලනය විසින් චන්ද්‍රිකා රූපවාහිනිය තහනම් කර ඇති බව වාර්තා වෙනවා. හමුදාවේ කුරිරු මර්දනයට සහ තොරතුරු ගලා ඒම මැඩපැවැත්වීමට මේ අනුව ඔවුන් උත්සාහ කරන අතර මියන්මාරයේ මිලිටරි පාලිත මාධ්‍ය විසින් චන්ද්‍රිකා […]


May
5

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නාවික හමුදාවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

Generic placeholder image

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නාවික හමුදාවෙන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.එම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 162ක් සමන්විත වන අතර ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුර තුළ භාවිතා කරන ලද සිව් මහල් (04) ගොඩනැගිල්ලක් මෙලෙස කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර පිහිටුවා තිබෙනවා. නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් […]


May
5

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර ඒ අතරතුර ජනාධිපතිවරයා මෙසේ සභා ගර්භය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.


May
5

A/L විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (A/L Exam) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා online ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සලසන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම් දීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේ. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් ‍පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා.


May
5

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් ගම්පහින් – ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 542 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් ලෙස වාර්තා වුණා. ආසාදිතයින් වාර්තා […]


May
5

දිවයින පුරා සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌවසහ දකුණු පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කත් වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


May
5

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් […]


May
4

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

Generic placeholder image

දිවයිනේ පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවත් සිදුවන අකුණු අනතුරු […]


News Articles
Latest Videos
Most Popular Post