කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කය රක්වාන පොලිස් බලප්‍රදේශයේ, දොලේකන්ද ග්‍රාම සේවා වසමරඹුක ග්‍රාම සේවා වසමකත්ලාන ග්‍රාම සේවා වසමතණබෙල ග්‍රාම සේවා වසමඉළුඹකන්ද ග්‍රාම සේවා වසමපොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම කලවාන පොලිස් බලප්‍රදේශයේ, පනාපොළ ග්‍රාම සේවා වසමකුඩුමිටිය ග්‍රාම සේවා වසමකුඩව ග්‍රාම සේවා වසමදෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුවසබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ […]
ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තය සති 2 කට වසා දමා තිබෙනවා. ගෙවුණු පැය 24 ක කාලය තුල හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 48,781 ක්.
වැඩිම දෛනික කොවිඩ් මරණ ගණනක් ඊයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. එම ගණන කොරෝනා මරණ 19ක්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 764 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ගම්පහ දිස්ත්රික්කයේවත්තල පොලිස් බලප්‍රදේශයේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමවත්තල ග්‍රාම නිලධාරි වසමහේකිත්ත ග්‍රාම නිලධාරි වසමපල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම මහබාගේ පොලිස් බලප්‍රදේශයේ කෙරඟ පොකුණ ග්‍රාම නිලධාරි වසමගල්උඩුපිට ග්‍රාම නිලධාරි වසමමත්තුමගල ග්‍රාම නිලධාරි වසම කළුතර දිස්ත්රික්කයේකළුතර දකුණ පොලිස් බලප්රදේශයේනාගොඩ […]
මිලියන 67ක් වන බ්‍රිතාන්‍ය ජනගහණයෙන් මිලියන 34.6කට මේ වනවිට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ. මිලියන 15කට පමණ දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව එරට රජයේ සංඛ්‍යාලේඛනවල දැක්වේ. වයස අවුරුදු 50 ඉක්මවූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.
දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කලේ දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එම තීරණයට එළැඹි බවයි. යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් […]
මේ වන විට කොරෝනා වෛරසය හමුවේ දැඩි ලෙස අසරණ වී සිටින ඉන්දීය ජනතාවට ශක්තිමත්ව සිටින ලෙසට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම සිය වෙහෙස මහන්සිය නොබලා කොරෝනා රෝගීන්ට සේවය සලසන ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට ද පාප් වහන්සේ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඊයේ දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745ක්.
මෙරටින් නව ආසාදිතයින් 1,851 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,885 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.