News Line| Off Air
Generic placeholder image

Apr
27

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

හිගුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.


Apr
27

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු, වවුනියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි […]


Apr
26

තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.


Apr
26

බස්නාහිර සියලු පාසල් හා පෙර පාසල් වැසෙයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර හා වයඹ පළාත් වල සියලුම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය ජිඑල් පිරිස් මහතා සදහන් කරනවා.


Apr
26

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගැනේ

Generic placeholder image

අද දිනයේ මේ දක්වාකාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 102,271ක්.


Apr
26

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දැමේ

Generic placeholder image

ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.


Apr
26

අද රාත්‍රියේ හුදකලා වන ප්‍රදේශ මෙන්න

Generic placeholder image

රට තුල පවතින තත්වය හමුවේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුවඅද (26) රාත්‍රී 08.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ, කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, […]


Apr
26

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමයි

Generic placeholder image

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මේ මස 27 හා 28 දෙදින තුළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. එහි සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය එලෙස තාවකාලිකව වසාදමා දැමුණු ඇති.


Apr
26

රාජ්‍ය සේවකයින් කාර්යාල වලට ගෙන්වා ගැන නව තීරණයක්

Generic placeholder image

හෙට සිට තම කාර්යාලවලට පැමිණිය යුතු රාජ්‍ය සේවකයින් ගණන තීරණය කිරීමේ බලය අදාල ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරනවා. ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Apr
26

මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර

Generic placeholder image

ඉදිරි සති දෙක තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කිරීමට තීරණය කළද , කලින් සැලසුම් කළ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි. මේ පිලිබදව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා […]


Apr
25

ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

සිදුකරන ලද වැටලීම්වලින් ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අවිස්සාවේල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Apr
25

ඉරාකයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොරෝනා රෝගීන් ඇතුළු පිරිසක් මිය යයි

Generic placeholder image

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post