කොරෝනා වෛරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අනුව අද උදෑසන දක්වා කාලය තුල මේ වන විට ග්‍රාම නිලධාරී වසම් 14 හුදකලා කර තිබෙන අතර ඒවා පහත පරිදි වේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම, ගම්පහ දිස්ත්‍රික්කයේ […]
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර සිටින්නේ කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකිමක් බවත් ඒ අනුව කොරෝනා පාලනය ට ජනතාව සහය දැක්විය යුතු බවත් යුධ හමුදාපතිවරයා අවදාරණ ය කරනවා. එමෙන්ම දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ක්‍රියා කිරීම අතවශ්‍ය බවද වැඩි දුරටත් සදහන් කරනවා.
මුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත පදනම් ව නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් ඊයේ දිනයේ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.
මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් ඊයේ දිනය තුල පමණක් හදුනාගත් කොරෝනා නව ආසාදිතයින් ගණන 997ක්.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සේවා ස්ථාන වලට කොටස් වශයෙන් සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඊට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර ආයතන ප්‍රධානීන්ට ඒ අනුව ඒ සදහා බලය ලබා දී තිබෙනවා.
රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබෙනවා.
හිගුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු, වවුනියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි […]
ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සැලකිල්ලට ගනිමින් බස්නාහිර හා වයඹ පළාත් වල සියලුම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය ජිඑල් පිරිස් මහතා සදහන් කරනවා.
අද දිනයේ මේ දක්වාකාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 892ක් අලුතින් හදුනා ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 102,271ක්.
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.