News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය කොළඹදී

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනය සැමරීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම තීරණය ගත් බව හිටපු ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා, සදහන් කලේ, “විශේෂයෙන්ම අපේ පක්ෂයේ ඉතිහාසය ගත්තහම මේ […]


Apr
20

රත්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Generic placeholder image

රත්ගම, සිරිකදුරවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අදාල මියගිය පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සදහන් කරන්නේ.


Apr
20

යතුරුපැදි සහ ත්‍රිරෝද රියැදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

මෙරට සිදුවන රිය අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ රිය ධාවනයේ නොසැලකිලිමත් භාවය නිසා සිදුව ඇති බවත් එම රියැදුරන් රිය ධාවනයේ දී දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටින්නේ,. ඉකුත් පැය 18ක කාලය තුලදී සිදුකළ රථ වාහන මෙහෙයුමකින් බිමත් රියැදුරන් 905 දෙනෙකු අත්අඩංගුවට […]


Apr
20

ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කෙරේ

Generic placeholder image

ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කර ඇති රටවල ඇතුළට ඉන්දියාවද එක් කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවේ මේ වන විට දක්නට ලැබෙන නව කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි. ඒ අනුව ලබන අප්‍රේල් 23 වන දින සිට පසුගිය දින 10 තුළ ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට බ්‍රිතාන්‍යට ඇතුළු වීම […]


Apr
20

උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක්

Generic placeholder image

උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක් උපයාගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් 08 වනදා සිට මේ දක්වා සමස්ත අධිවේග මාර්ග පද්ධති තුළින් මෙම ආදායම උපයාගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එම කාලය තුල අධිවේග මාර්ගවල රථවාහන 1,236,288කට අධික ප්‍රමාණයක් ගමන් කර තිබෙනවා.


Apr
20

ඉන්දියාවේ දිල්ලි නගරය සතියකට වැසෙයි

Generic placeholder image

ඉන්දියාවේ දිල්ලි නගරය සතියක කාලයකට වසා දැමීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ ඊයේ මැදියම් රැයේ සිට මෙලෙස එම නගරය වසා දමන ලද අතර කෙසේ වෙතත් රජයේ කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා වන රෝහල්, ඖෂධ ශාලා, සහ වෙළෙඳසැල් විවෘත ව තැබීමට තීරණය කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ දෛනික නව ආසාදිතයින් ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් […]


Apr
20

119 අමතා ව්‍යාජ තොරතුරක් ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ව්‍යාජ තොරතුරක් ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි ව්‍යසනයක් සිදු කිරීමට සැරසෙන බව පවසමින් කාන්තාවක් විසින් ඇමතුමක් ලබා දී තිබෙන අතර එහිදී දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම තොරතුර අසත්‍ය ප්‍රචාරයක් බවත් පොලීසිය මුළා […]


Apr
20

අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙලිකොප්ටර් ගමන

Generic placeholder image

අඟහරු ග්‍රහලෝකයේ පළමු වරට හෙලිකොප්ටර් යානයක් පියාසර කරවීමට කැලිෆෝනියාවේ පිහිටි නාසා ආයතනයට අනුබද්ධිත යානා විද්‍යායතනයක සමත්ව තිබෙනවා. මෙම කුඩා හෙලිකොප්ටර් යානය අඟහරු මත මීටර් තුනක් පමණ ඉහළ අහසේ තත්ත්පර 30ක කාලයක් පියාසර කර තිබෙන අතර එහිදී අගහරු මත ඡායාරූප කිහිපයක් ද ලබා ගෙන තිබෙනවා. මෙය අඟහරු ග්‍රහලෝකයේ පළමු හෙලිකොප්ටර් ගමන ලෙස හැදින්වේ.


Apr
20

ගත වූ සතියක කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 69ක් මහමගට බිලි

Generic placeholder image

ඉකුත් අවුරදු සතිය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 69 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සදහන් කරනවා.


Apr
20

දිවයින පුරා සවස් වරුවේ තද වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් […]


Apr
19

කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

අප්‍රේල් 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් සපිරීම හේතුවෙන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර පෙරවරු 8.45ට මිනිත්තු 02ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.


Apr
19

අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා වෙයි

Generic placeholder image

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සදහන් කරනවා.විෂය මාලා ආවරණය කර ගැනීමට අවශ්‍ය හෙයින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post