News Line| Off Air
Generic placeholder image

Apr
12

යාපනය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

Generic placeholder image

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වටලා තිබෙනවා. මේ අනුව නීති විරෝධිව ලේබල් යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබු මිලිලීටර් 750 මත්පැන් ‌බෝතල් 42ක්, මිලිලීටර් 180 මත්පැන් ‌බෝතල් 262ක් හා මත්පැන් ලීටර් 3000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
12

යුද හමුදාපති යාපනයේ සංචාරයක

Generic placeholder image

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙනවා. යාපනය ප්‍රදේශයේ මේ වන විට පවතින කොරෝනා තත්වය පිලිබදව සොයා බැලීම සදහා මෙලෙස සංචාරයක නිරත වන බවයි පැවසෙන්නේ.


Apr
12

මුහුදේ පාවෙමින් ආ බෝතලයක් මත්පැන් යැයි සිතා පානය කළ අයෙක් මියයයි

Generic placeholder image

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ පාවෙමින් ආ බෝතලයක තිබු දියරයක් මත්පැන් යැයි සිතා පානය කල පුද්ගලයින් 08 දෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම මත්පැන් පානය කල අනෙකුත් දෙනාට රෝගී තත්වයක් පෙන්නුම් නොකරන ලද අතර මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ මොහුට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. මෙලෙස […]


Apr
12

ගත වූ පැය 24 තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 13දෙනෙක් මහ මගට බිලිවෙයි

Generic placeholder image

ගත වූ පැය 24 තුල පමණක් රිය අනතුරු වලින් පුද්ගලයින් 13දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සදහන් කරනවා.


Apr
12

චීනයෙන් ඉරාකයට තවත් කොවිඩ් එන්නත් තොගයක් පරිත්‍යාග කෙරේ

Generic placeholder image

ඉරාකයේ දෙවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය පියවර ගෙන තිබෙනවා. මේ අනුව මෙම සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගය ඉරාක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී නිල වශයෙන් භාර ගෙන ඇති බව වාර්තා වෙනවා. මේ අනුව යුදමය පසුබිමක් තිබෙන ඉරාකයට කොවිඩ් මර්දන එන්නත් පරිත්‍යාග කළ ලොව පළමු […]


Apr
12

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් අල්ලයි

Generic placeholder image

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 900කට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ සිදු කල විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කරන්නේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදු […]


Apr
12

තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි කට්ටඩියෙකුව ඝාතනය කෙරේ

Generic placeholder image

තම බිරිදව වෙනත් පුද්ගලයෙකුට මිතුරු කර දීමට වශී ගුරුකමක් කලැයි පුද්ගලයෙක් විසින් 43 හැවිරිදි කට්ටඩියෙකුව ඝාතනය කර තිබෙනවා. අදාල වශී ගුරුකම සිදු කල කට්ටඩියා සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර එම ඝාතනය වී ඇත්තේ කට්ටඩියා පදිංචි නිවසේ දීය. ඝාතනය කල සැකකරු මේ වන විට පැල්මඩුල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිලිබදව […]


Apr
12

සියලුම බැංකු අද විවෘතයි

Generic placeholder image

අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටිනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ “10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට […]


Apr
12

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි

Generic placeholder image

අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 30 කට ආසන්න දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් මෙලෙස අවලංගු වෙනු ඇති. එසේ වුවද උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා එලෙසම ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Apr
12

නොසැලකිලිමත් ලෙස අධිවේගයේ ගමන් ගිය මෝටර් රථයේ හිමිකරු හදුනාගැනේ

Generic placeholder image

කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලැබූ මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසකගේ නොසැලකිලිමත් හැසිරීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතිනවා. මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් එම වාහනයේ දොර කවුළු මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කරන අයුරු එම විඩියෝවේ දැක්වෙනවා. තර්‍රුණයන් පිරිසක් ගමන් කල මෙම රථයේ මුල් […]


Apr
12

ජා ඇල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අල්ලයි

Generic placeholder image

ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ සිදු කල වැටලීමකදී මෙලෙස මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
12

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]


News Articles
Latest Videos
Most Popular Post