මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා ලබන 17 වැනිදා සිට 25 වැනිදා දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබා දීම බාධාවක්කර ගත යුතු නැති බවයි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ […]
කොවිඩ් 19 වෛරසය වැළඳී සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව අද 69,000 සීමාව ඉක්මවා ගියා. ඒ, ප්‍රතිකාර ලබමින් සිටි තවත් 715 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය වැළඳී සුව අතට පත් වූවන්ගේ සමස්ත සංඛ්‍යාව 69,411 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පවතින කොවිඩ් 19 වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මේ වනවිටත් කිසියම් පාසලක යම් උත්සවයක් සංවිධානය කරමින් පවතින්නේ නම් ඒවා ද අත්හිටුවිය යුතු බවයි. ඊට අදාළ සියලු උපදෙස් පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් මෙන්ම විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති බව ද […]
මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධතා සංවිධාන කරන්නන්ට සහ පවත්වන්නන්ට එරෙහිව එරට රජය අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව එවැනි පුද්ගලයින් වසර 20කට බන්ධනාගාරගත කරන ලෙසට අදාළ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි. මේ වන විට මියන්මාරයේ විරෝධතා උග්‍ර මට්ටමක පවතින අතර ඒවා මර්දනය කිරීම සඳහා මාර්ගවලට සන්නද්ධ රථ යොමු කිරීමට මියන්මාර හමුදා […]
එළැඹෙන 23 වැනිදා සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු සිසුවියන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ මෙයෙවීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විෂයානුබද්ධ දේශන, වැඩමුළු, සම්මන්ත්රණ සහ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම තහනම් වනවා. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හෝ ඊට සමාන ප්‍රශ්න පත්‍ර ලබා […]
නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයකර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස්කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම ගොනුකර තිබුණා. එම පෙත්සම නිකුත් කර තිබෙන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, […]
හෙට දින සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරනවා. ඒ අනුව හෙට කොළඹ හමුදා රෝහලේදී එම එන්නත ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
මියගිය පසුව කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරන ලෙස ඉල්ලමින් පියෙකු විසින් අධිකරණයට පෙත්සමක් යොමු කර තිබෙනවා. මේ අනුව මේ මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත්කර තිබෙනවා. ඒ අනුව අදාල මෘත ශරීරය සම්බන්ධයෙන් […]
නව කොවිඩ් ප්‍රභේදයෙන් වැලකීම සඳහා, මුහුණු ආවරණ දෙකක් පැළදීමවැඩි වාර ගණනක් අත් සේදීමසමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සදහන් කරනවා. පවතින වෛරසයට වඩා වැඩි වේගයකින් මෙම නව වෛරස් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ.
ඇෆ්ගනිස්ථානයේ බටහිර හෙරට් පළාතේදී ඉකුත් දා ඉන්ධන ටැංකි පිපිරීමකින් ට්‍රක් රථ 500 ක් ගිනි ගැනීමකට ලක් වූ බව විදෙස් වාර්තා සදහන් කරනවා.ස්වාභාවික ගෑස් හා ඉන්ධන රැගත් ට්‍රක් රථ 500 ක් මෙලෙස ගිනි ගෙන ඇත්තේ. මෙම අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර 60 අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අභාවප්‍රාප්ත හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී නිරෝධායන නිතින් වලට අනුව සිදුකිරීමට නියමිතව තිබෙනවා.
වයස අවුරදු 32 හා 26 පසුවන කාන්තාවන් දෙදෙනෙකු සිය දරුවන් සිවු දෙනා අම්බලන්ගොඩ නගරයේ සිගමනේ යොදවා ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට වාර්තා වෙනවා. අදාල මව්වරුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකු බැගින් දරුවන් සිවු දෙනෙකු ඇති අතර මොවුන් බාල වයස්කාර දරුවන් වන අතර එම කාන්තාවන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත […]