එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. එළඹෙන මහ මැතිවරණයේදී තරගවදින ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ […]
කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග අත්වැල් බැදගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මේ බව සදහන් කළා.
සහස්ර අභියෝගතා සංස්ථාව සංයුක්ත සංවර්ධන ගිවිසුම හෙවත් MCC ගිවිසුමට අත්සන් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර මගී බෝට්ටු සේවාවක් නුදුරේදීම ආරම්භ කරන බව ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසනවා. ඉදිරි මාස තුන හතර කාලය තුළ එම සේවාව ආරම්භ කරන බව ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මන්සුක් මන්දාවියා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ කරෛයිකාල් සිට යාපනය දක්වා නාවික සැතපුම් 56ක් හෙවත් කිලෝමීටර් 104ක පමණ දුර ප්‍රමාණයක් […]
ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී වී නොමැති බව වාර්තා වනවා. නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර ඇති අතර උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද […]
ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නොමැති අතර, කිසියම් රටක් එසේ සිතා සිටින්නේ නම් එය මාරාන්තික අත්වැරැද්දක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රෙයිසස් අනතුරු අගවනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් ලොව පුරා වාර්තා වන අතරතුර ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම, මේ වන විට චීනයෙන් පිටත නව ආසාදිත සංඛ්‍යාව […]
සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වෙනවා. ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ්‍රයේ දීයි. පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි. එහිදී ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි. ජයග්රාහකයින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා […]
ඉරානයේ උප ජනාධිපතිවරිය වන Masoumeh Ebtekar හටද නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී උප ජනාධිපතිවරිය ජනාධිපති හසන් රුහානි සමග එක ලඟ අසුන් ගෙන සිටිය බවට ද එරටින් ලැබෙන වාර්තා වල දැක්වෙනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය මේ වනවිට ඇන්ටාක්ටික් මහාද්වීපය හැර අනෙකුත් […]
කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී. කැමරා බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට අදාළව විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඊට විරෝධය පළ කරමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවක් ද පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් […]
කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට හිමි නමක් ද අයත් වනවා. කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ගණන පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් වැඩිකිරීමට එහි පාලනාධිකාරිය පියවර ගත් අතර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊට දැඩි විරෝධයක් පළ කළ […]
නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමෙන් ඉරානය තුළ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළදී එරටින් නව ආසාධිතයන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්ත ආසාධිතයන් ගණන 245 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. මේ අතර අද දිනයේදී මහා බ්‍රිතාන්‍යයෙන් තවත් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී ඇති […]