අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
පාර්ලිමේන්තුවේ නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනවා. 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් මෙන්ම පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන්ද මේ අතර සිටින බව සඳහන්. මෙම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සකසන්නේ මුල්‍ය අංශය බවත් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරියහොත් හෙට […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබුවා. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20 වනදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා […]
නාවික හමුදාව සහ පොලසිය එක්ව කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේදී සාගර පරිසරයට සිදු වන හානිය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා. ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් […]
කෝවිඞ් 19 (Covid 19) හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දැනට නව කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති වුවද සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම් දී තිබෙනවා. මේ අනුව […]
මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එමඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිත බව ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර මෙම නිවේදනය හෙට(03) තෙක් වලංගුයි.
උතුරු කොරියාව විසින් මිසයිල ද්විත්යක් අත්හදා බලා ඇති බවට දකුණු කොරියාව සදහන් කරනවා. එරට නැගෙනහිර වෙරළේ සිට ජපාන මුහුද දෙසට මෙම මිසයිල දියත් කර ඇති බවට වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුම ගුවන් තොටුපළ සහ වරායන් හිදී විශේෂ සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා. දැනට නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරගොස් ඇති චීනය / දකුණු කොරියාව සහ ඉතාලියෙන් පැමිණෙන මගීන් පමණක් නොව සෑම ගුවන් මගියෙකුම විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු කෙරෙන බව අයි.ඩී.එච් උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද […]
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. අයදුම්පත් භාරගැනීම අද(02) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම සිදුකළ හැකි අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන සහ නැණසල ආයතන මගින් එම කටයුතු සිදුකිරීමට හැකියාව පවතිනවා. කෙසේවෙතත් […]
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් තායිලන්තයේ සිදුව ඇති ප්‍රථම මරණය වාර්තා වන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මේ වනවිට 74ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය පාලනය සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ පවසනවා. රැකියා අපේක්ෂිතයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු […]