News Line| Off Air
Generic placeholder image

Mar
2

බෙලිඅත්තට තවත් නව දුම්රිය දෙකක්

Generic placeholder image

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට නව දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙනවා. ඒ විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාකුළුගමුවට නව දුම්රිය ස්ථානයක් ලබා දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දෙස් ලබා දීමෙන් අනතුරුවයි. ඒ් අනුව රුපියල් මිලියන 08ක වියදමින් නව දුම්රිය ස්ථානයක් ඉදි කිරීමේ කටයුතු […]


Mar
2

අගමැති කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.


Mar
2

සමගි ජනබලවේග සන්ධානය අද එළිදකී

Generic placeholder image

සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම අද (02) කොළඹ දී සිදුකිරිමට නියමිතව තිබෙනවා. අද උදැසන කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.


Mar
2

කොරෝනා මරණ සංඛ්‍යාව 2967 දක්වා ඉහලට

Generic placeholder image

මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2,967 ක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා අසූ හය දහසකට වැඩි පිරිසක් අද වන විට නව කොරෝනා වෛරසයට ගොඳුරු වී තිබෙන අතර එය පැතිර යාම ආරම්භ වූ චීනයේ ගෙවුණු පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 573 දෙනකු වාර්තා […]


Mar
2

08 වන පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයෙන් විසුරුවා හැරීමට සුදානම්

Generic placeholder image

වත්මන් පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රීයේ විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වන අතර 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව […]


Mar
2

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


Feb
29

අමෙරිකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය

Generic placeholder image

නව කොරෝනා ආසාධිතයන් 3 දෙනකු හමුවීමත් සමග අමෙරිකානු බළධාරීන් කොවිඞ්-19 වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මෙම රෝගීන් 3 දෙනාම දැනට වෛරසය පැතිර ගොස් ඇති කිසිදු රටක් සමග සබඳතා පවත්වා නොමැතිවීම හේතුවෙන් බළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා පැවසුවා. කැලිෆෝනියා / ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවලින් හමුවූ මෙම තුන්දෙනාත් සමග අමෙරිකාවෙන් සොයාගත් නව කොරෝනා ආසාධිතයන් […]


Feb
29

ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙලක්

Generic placeholder image

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරුබදු රහිතව රත්‍රන් ආනයනය කිරීමට අවස්තාව ලබාදී ඒ හරහා ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද යොමුකර ඇති බව කොළඹ පැවති ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ ජාතික සමුලුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා. පසුගිය වසර 5කට ආසන්න කාලයේදී ස්වර්ණාභරණ ක්ෂේත්‍රය […]


Feb
29

මැලේසියාවට නව අගමැතිවරයෙක්

Generic placeholder image

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන මුහුදීන් යසීන් මහතා පත් කර තිබෙනවා. මහතීර් මොහොමඞ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ අග්‍රාමාත්‍යධූරය සඳහා මැලේසියානු රජු විසින් මුහුදීන් යසීන් මහතා පත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා. පසුගිය මාස කිහිපය පුරා ඇතිවූ අර්බුද හමුවේ මහතීර් මොහොමඞ් මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණේ මෙම වසර ආරම්භයේදීයි. කෙසේ වෙතත් තමන් […]


Feb
29

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග විවාහක යුවලක් රේගු දැලේ

Generic placeholder image

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවාහක යුවලක් වන මොවුන්ගෙන් පිරිමි පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඔහු 44 හැවිරිදි කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් බවත් සදහන්. මෙම […]


Feb
29

උණුසුම් කාලගුණය පිලිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම මන්නාරම, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවද උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අධික මහන්සිය, විජලනය සහ ලවණ ඉවත් […]


Feb
29

රුපියල් කෝටියකට අධික හෙරොයින් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් කෝටියකට අධික හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළා. මෙම හෙහෙරොයින් තොගය සමග විද්‍යුත් තරාදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post