රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 21 දින මාතලේ ගලේවෙල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි. මෙරට ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක පර්යේෂණ ග්‍රන්ථ කතුවරයකු ලෙස ඔහු බොහෝදෙනෙකු අතර ජනප්‍රියයි. සීගිරිය කාශ්‍යප රජු නිර්මාණය කළ එකක් නොව වීශ්‍රවමුනි නම් වූ […]
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය අසළ සීදූව ප්‍රදේශයේ තිබූ කසළ කන්දක් හදිසියේම ගිනි ගැනීම නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය අද (20) දින දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. අද දින පෙරවරුවේ මෙම ගින්න හට ගෙන ඇති අතර එයින් නිකුත් වන අධික දුමාරය හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සදහන්. […]
ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට එක්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් වී තිබෙනවා. නවතම ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙලෙස තේරී ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙසද පේරාදෙණිය විශ්ව විද්‍යාලය නම් වී තිබෙනවා. ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම සිදු කෙරෙන්නේ ලොවපුරා විශ්ව විද්‍යාල 30,000 ක් […]
වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් අද සවස 04.15 සිට සේවයෙන් ඉවත් වන බවට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන්ගේ වැටුප වැඩි කර දෙන ලෙස ඉල්ලමින් හා එසේ නැතිනම් අතිකාල දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින්ය. ඔවුන් සදහන් කරන්නේ පැය 24 පුරාම රාජකාරි කටයුතු කල යුතු බවත් ඒ සදහා ගෙවනු ලබන්නේ රුපියල් නවදහසක දීමනාවක් බවයි වාර්තා වන්නේ. සිය ගැටලුවට විසදුම් […]
ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ආසන වෙන් කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමය හරහා අවස්ථාව ලබා දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව මේ වනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආසන කල් තියා වෙන් කරවා ගැනීම මෙන්ම තොරතුරු ලබා දීම සඳහා වන කරුණු කාර්යක්ෂම කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු අනියම් සේවකයින් ස්ථිර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ, ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස අනුමැතිය හිමි වූ අතර මේ අතර රජයේ ආයතනවලට තාවකාලිකව, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියැදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු […]
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි මගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මෙම නෞකාවේ සිටි මගින් 3700 අතරින් 624 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර දින 14ක නිරෝධායනය ක්‍රියාවලියෙන් පසුගියද මෙම නෞකාවේ සිටි වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කරගත මගින් ඉන් ඉවත් කිරීම ජපාන බලධාරීන් කටයුතු කළා.
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඊයේ දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබෙනවා.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(20) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබෙනවා.ඒ පෙරවරු 11.00ටයි. අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව ලබන මස 03 වන දින දක්වා කල්තැබීමට නියමිත අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මාර්තු මස 02 වන දිනෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙයි. යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් මාර්තු මන 02 […]
ජර්මනියේ හැනාව් නගරයේ අවන්හල් දෙකක් ඉලක්ක කර අද අලුයම වෙඩි තැබීම් කිහිපයක් සිදුව තිබෙනවා. එයින් පුද්ගලයින් අටදෙනෙක් මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. බටහිර ජර්මනියේ සුප්‍රකට ශීෂා අවන්හල් දෙකක මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. අවන්හල් වෙත කඩාවැඳුනු වෙඩිකරුවන් එහි සිටි පිරිස වෙත වෙඩි තබා ඇති අතර පළමු අවන්හලේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෝ 03 […]
කොවිඩ් – 19 වෛරසය අසාධනය වීම හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන 2125 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මෙම වෛරසය ආසාධනය වීම හේතුවෙන් ඉරානයෙන්ද මරණ දෙකක් වාර්තා වෙනවා. ගතවූ පැය 24 ක කාලය තුළ මරණ 108ක් වාර්තා වී තිබෙනවා.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැදවා තිබෙන බව වාර්තා වෙනවා. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු ලබාදුන් සාක්ෂි මත පදනම්ව නීතිපතිවරයා කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.