ප්‍රවීන ගායන ශිල්පී චන්දන ලියනආරච්චිගේ අලුත්ම ගීතය වන “මා මේඛලා” එළිදක්වා තිබෙනවා. මෙහි සංගීතය සපයා තිබෙන්නේ ජේ.ආර් රස්නායක විසින්. එමෙන්ම මෙම ගීතයේ ගී තනු නිර්මාණය සිදුකර තිබෙන්නේ ෂෙහාන් ගලහිටියාව විසිනුයි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම […]
මහරගම, විජේරාම, ගල්හේන යන මාර්ග කිහිපයක කසළ එක්රැස් කිරීමේ කටයුතු දින කිහිපයක සිට සිදු වී නොමැති බව වාර්තා වනවා. මෙම ප්‍රදේශ වල කසල එක්රැස් කිරීමේ කටයුතු මහරගම නගරසභාව විසින් සිදුකරන අතර පසුගිය දිනයන් තුළ එය සිදු නොවීම හේතුවෙන් මිනිසුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ පිලිබද මහරගම නගරසභාවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ කසළ එක්රැස් කරන […]
පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට පෙර පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් බව අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇති අතර අධිකරණ තීරණය සමාලෝචනය කොට ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය […]
දරුවන්ට මව්කිරි ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් සාධනීය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක වන ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි අගනුවර ක්‍රියාත්මක ලෝක මව්කිරි දීමේ ප්රවණතා වැඩසටහන මගින් මේ බව නිවේදනය කළ අතර එම වැඩසටහන සමග මේ වන විට රටවල් 120 ක් එකතු වී සිටිනවා. ඒ අතුරින් රටවල් 97 ක් නියමිත ඇගයීම් සම්පූර්ණ […]
දුරකථන හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ කොළඹට අමතරව අනෙක් සෑම ප්‍රදේශයකම චීන පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් සේවයන්හි යෙදී සිටිනවා. පහුගිය දවස්වල චීනයේ වුහාන් වලින් අලුත් කොරෝනා වෛරසයක් බිහිවුනා. නිව්මෝනියාව වැළඳීමෙන් මරණය ලඟාකරවන මෙම වෛරසය තවමත් පරීක්ෂණ පැවැත්වෙන දෙයක්. ලෝකේ පුරා විවිධ මට්ටමින් දැන් මෙම වෛරසය පිලිබද පරීක්ෂා කරනවා. 01. වෛරසය වැඩිපුරම පැතිරිලා තියෙන්නේ කොහෙද? මේ වන විට මෙම වෛරසය වැඩිපුරම […]
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරමින් සිව්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිභවා යාමට ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා සමත්වී තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියාව සමග පැවැති 03 වන එක්දින තරගයේදී ලකුණු 119 ක් රැස් කර ගනිමින්. එය ඔහුගේ 29 වන ශතකයයි. මෙතෙක් සනත් ජයසූරිය එම ලේඛනයේ සිව්වන ස්ථානයේ පසුවූයේ ශතක 28 ක් රැස්කර […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මේ වන විට පිතිකරණයේ නිරත වන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 03 කට ලබා ඇති ලකුණු ප්‍රමාණය 218 කි. සිම්බාබ්වේ craig ervine ලකුණු 74 ක් ලබා ගෙන ක්‍රීඩා කරනවා.
එක් වරක් පමණක් භාවිත කල ප්ලාස්ටික් භාවිතය අත්හිටුවීමේ දැවැන්ත සැළසුමක් ප්‍රකාශයට පත් කිරීමට ලොව වැඩිම ප්ලාස්ටික් භාවිතයක් සහිත රටක් වන චීනය සූදානම් වී තිබෙනවා. මේ අනුව දිරාපත් නොවන මලු මෙම වසර අවසානයට පෙර ප්‍රධාන නගර කිහිපයක භාවිතය තහනම් කෙරෙනු ඇති. 2022 වසර වනවිට සමස්ත චීනය පුරා එම තහනම බලාත්මක කිරීමට ඔවුන් සැලසුම කර ඇති අතර […]
පක්ෂයේ විනය කඩ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සදහන් කළා. පක්ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ලක්ෂමන් යාපා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට […]