News Line| Off Air
Generic placeholder image

Dec
2

මෙන්න හංස න්‍යාය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
2

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක්

Generic placeholder image

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ පැහැර ගැනීමට ලක් වු බවට පැවසෙන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්.


Dec
2

සහන පැකේජය ක්‍රියාත්මක බව බන්දුල කියයි

Generic placeholder image

කිසිදු වෙනස්කමකින් තොරව භාණ්ඩ සේවාවන් සදහා පනවා ඇති බදු වර්ග සදහා ඒ සහන පැකේජය ක්‍රියාත්මක බව බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. එමෙන්ම ඍජු බදු වර්ග සදහා ලබන ජනවාරි 01 වෙනිදා සිට සහන පැකේජය ක්‍රියාත්මක බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Dec
2

හන්ටුකුරාහි දේවස්ථානයක වෙඩි තැබීමකින් 14 මරුට

Generic placeholder image

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.


Dec
2

කටුනායක ගුවන් තොටේ තිබු ස්කෑන් යන්ත්‍ර ජනාධිපතිගේ අවධානයට

Generic placeholder image

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්, ඔවුන්ගේ සිරුරේ විවිධ ස්ථාන වල සඟවා ගෙන එනු ලබන රත්තරන්, විවිධ මත්ද්‍රව්‍ය සහ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය, ක්ෂණිකව අනාවරණය කර ගත හැකි විශේෂ ස්කෑන් යන්ත්‍ර රේගු පරිශ්‍රයේ සවි කර ඇති අතර, එම යන්ත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අධීක්ෂණයට ලක් වී ඇති බව වාර්තා වනවා. ඒ ජනාධිපතිවරයා සිය දෙදින […]


Dec
2

නගර අලංකරණයට තරුණ පිරිස පෙරමුණ ගනී

Generic placeholder image

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල නගර අලංකරණය සදහා විශේෂ වැඩ පිළිවෙලවල් බොහෝ තරුණ පිරිස් මුලිකත්වය ගෙන ආරම්භ කර තිබෙනවා. ඒ අතර දැරණියගල ප‍්‍රදේශයෙන් ද මෙවැනි වැඩ පිළිවෙලක් පිලිබදව වාර්තා වුණා. ඒ අනුව මෙම ප්‍රදේශයේ තරුණ පිරිස් එක්ව නගරයේ තාප්ප පුරා වීදි සිතුවම් වලින් අලංකාර කිරීම සදහා නගරයේ ඇති පැති බැමි පිරිසිදු කරමින් අලංකාර කිරීමට […]


Dec
2

වත්තල ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් මාර්ගයේ කොටසක් ජලයෙන් යට වෙයි

Generic placeholder image

වත්තල ප්‍රදේශයේ ප්‍රධාන ජල නලයක් පුපුරා යෑමෙන් ඒ අසල මාර්ගය ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම අද උදැසන මෙම සිද්ධිය සිදු වී ඇති අතර අංක 260 බස් මාර්ගය මේ හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර වාහන ගමනා ගමනයට මෙන්ම මගින්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.


Dec
2

පාකිස්තාන අගමැතිගෙන් ජනපති ගෝඨාභයට විශේෂ ලිපියක්

Generic placeholder image

ඊයේ රාත්‍රියේ දෙදින නිල සංචාරයක් සදහා පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා දිවයිනට පැමිණියා. මෙම ධුත පිරිස පිළිගැනුණු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්වයි. විශේෂයෙන්ම මෙම සංචාරයේදී පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි මහතා එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ් විශේෂ ලිපියක් ජනපති ගෝඨාභය රාජපක්ෂ […]


Dec
2

මෙවර සා පෙළ විභාගය අද සිට ආරම්භ වේ

Generic placeholder image

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද මධ්‍යස්ථාන 4,987 කදී ආරම්භ වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ වැඩිම විභාග අයදුම්කරුවන් පිරිසක් සහභාගී වන මෙවර සා පෙළ විභාගයේ ඉල්ලුම් කර ඇති අපේක්ෂකයින් ප්‍රමාණය හත්ලක්ෂ 17,008 ක් වන බව විභාග දෙපර්තුම්නේතුව සදහන් කරනවා. ඒ අනුව අදින් ආරම්භ වුන මෙම විභාගය ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. විශේෂයෙන්ම මෙවර […]


Dec
2

ඇමසන් ලැව් ගින්න පිලිබදව බ්‍රසීල ජනපති චෝදනා එල්ල කරන ලද පාර්ශවයන් සිය ප්‍රතිචාර දක්වයි

Generic placeholder image

ඇමේසන් ලැව් ගින්නට හේතුවක් ලෙස බ්‍රසීල ජනාධිපති ඉකුත් සතියේ අසාමාන්‍ය පුද්ගලයෙකුට දොස් පැවරනු ලැබුවා. ඒ සුප්‍රකට නළුවෙකුට සහ පරිසරවේදී ලෙනාඩෝ ඩිකැප්‍රියෝටය. එමෙන්ම ජනපති බොල්සොනාරෝ සදහන් කරන්නේ මෙම ගින්න පිලිබදව රාජ්‍ය නොවන සංවිධාන සමබන්ධ බවයි. ලෙනාඩෝ ඩිකැප්‍රියෝ හට චෝදනා එල්ල වන්නේ මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට ඩොලර් 500,000 ක් පරිත්‍යාග කර ඇති බව සදහන් කරමින්ය. කෙසේ […]


Dec
2

වැසි තත්වය තව දුරටත්

Generic placeholder image

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ඒ අනුව උතුරු, නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මි.මී.100 ඉක්ම වූ තද වැසි එම ප්‍රදේශවලට අපේක්ෂා කල හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු […]


Dec
1

අයහපත් කාලගුණයෙන් 2200කට පීඩාවට

Generic placeholder image

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643ක පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ආරක්ෂිත ස්ථාන තුනක පුද්ගලයන් 297 දෙනෙකු රැදී සිටින බවයි. එමෙන්ම රත්නපුර, කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post