News Line| Off Air
Generic placeholder image

Aug
11

නිර්භීත මයිකල් කැල්හාන්

552 Views


නිර්භීත මයිකල් කැල්හාන්

මාර්තු මස මුල සිට, කොවිඩ් – 19 ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් තිබියදී, එක්සත් ජනපද වෙරළාරක්ෂකයන් පිරිසක් කැලිෆෝනියා වෙරළට සැතපුම් 14 ක් දුරින් පිහිටි ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව වෙත ගමන් කරමින් තිබුණා.

මෙහි ගමන් කරමින් සිටියේ ආපදා වෛද්‍ය කණ්ඩායමක්. මෙම කණ්ඩායම භාරව කටයුතු කලේ මයිකල් කැල්හාන් නමැති ආපදා වෛද්‍යවරයෙකි. මොවුන්ගේ කාර්යය වුයේ ආපදාවට ලක්වූ මිනිසුන් 3500ක් නැවත රැගෙන ඒමයි.

හිරු බැස යෑමට ටික වේලාවකට පෙර ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව අසලට මොවුන් ළඟා වුණා. වයස අවුරුදු 57 ක් වූ මයිකල් සහ ඔහුගේ කණ්ඩායම මුහුදු ගමනින් හෙම්බත්ව සිටි අතර, කණ්ඩායමේ කිහිප දෙනෙක් වමනය කරන්නටද විය. නමුත් ඔවුන් එකින් එක අඩි 188 ක් උස නෞකාවට බෝට්ටුවල සිට නගින්නට විය. ඉනිමං මතින් නෞකාවට නැගගත් මොවුන් ඉතා ඉක්මනින් ඔවුන්ගේ වැඩ ආරම්භ කළා.

ඒ මොහොතේ මුළු ලෝකයම අනෙක් අයගෙන් හුදෙකලා වීමට දගලද්දී මෙම කණ්ඩායම මනුෂ්‍ය ජිවිත බේරා ගැනීම සඳහා දෙපාරක් නොසිතා ඉදිරියට ගියා. කොවිඩ් වසංගත සෑම අයුරින්ම මුළු ලෝකයටම පීඩා කර ඇති අතර, එය ලොව පුරා ව්‍යාප්ත වූ දා සිට මිනිසුන් අනෙකාගෙන් ඈත් වීමට දෙපාරක් නොසිතා කටයුතු කළා.

කොවිඩ් ලෝකය පුරා පැතිර යද්දී, පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ට උපකාරයක් කිරීමට මැලි වෙද්දී, ඔවුන් අපට වැදගත් පාඩම් උගන්වා තිබෙනවා. මිනිසුන් තුල සැඟව යමින් පැවති මනුස්සකම මතු කරමින් තම ජීවිතයට පිළිබඳව පවා නොසිතා කැපවීමෙන් කටයුතු කරන මයිකල් වැනි මිනිසුන් ලෝකයේ විරලය.

බෝවන රෝගයකට මිනිසුන් තුල මානුෂිකත්වය ඇති කරන්න පුලුවන්ද ? හුදෙකලා වීම කෙතරම් විනාශකාරී විය හැකිද ? යන්න මිනිසුන්ට අවබෝධ කරවූ කාල වකවානුවක් අප පසු කර ඇත. සියල්ලටත් වඩා, නව වසංගතය අපට නිතරම මතක් කර දී ඇත්තේ මයිකල් වැනි කුඩා, නිර්භීත පුද්ගලයින් කණ්ඩායම් ලෝකයේ කොතෙක් සිටියත් ඔවුන්ව හදුනා ගැනීම අපට අතපසු වී ඇති බවයි.

මුලාශ්‍රය – National Geographic Magazine


News Articles
Latest Videos
Most Popular Post