සංරක්ෂණය සඳහා නව ප්‍රවේශයක් වන්නේ සොබාදහමේ රක්‍ෂිතයන් තුළ වන ජීවීන්ට නිදහසේ ජිවත්වීමට සැලැස්වීම හා සතුන්ට ගැලපෙන පරිදි අපේ ලෝකය අනුවර්තනය කිරීම ගැනය. මෙසේ නිදහසේ සැරිසැරීමට ඉඩ හැරිය යුතු සත්වයෙකි දිවියා.
මේ කතාව වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ සිටින සත්වයන් පිලිබඳවය.
දකුණු අප්‍රිකාවේ දිවියන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙමින් පවතී. ගොවිපලවල්, මාර්ග සහ සංවර්ධනයන් නිසා ජාතික උද්‍යාන වලින් වට වී ඇති රටක ජිවත් වුවද එරට ජිවත් වන දිවියන් කුඩා ප්‍රදේශවලට කොටු කර තිබෙනවා. මෑත කාලීන පුවත්පතක දැක්වෙන පරිදි, මෙය දිගු කල් පවතින, විනාශකාරී බලපෑම් ඇති කළ හැකි තත්වයක් වනවා. මෙම සතුන් රෝගාබාධ හා නියඟ වැනි දේශගුණික සිදුවීම් වලට හසුවීමෙන්, අද වන විට වඳවීමේ තර්ජනයට පවා මුහුණ දීමට සිදුව තිබෙනවා.

ගෝලීය සංවර්ධනය හමුවේ, දිවියන් වැනි විශේෂයන් සංරක්‍ෂකයන්ට ආරක්ෂා කළ හැක්කේ කෙසේද?
මෑතකදී සිදුකල අධ්‍යයනයේ දී මෙයට විසඳුමක් ලෙස රක්ෂිත වල ඉතිරි වී ඇති සංචිත වෙනත් ආරක්ෂිත ප්‍රදේශවලට සම්බන්ධ කර කොරිඩෝවක් නිර්මාණය කිරීමට යෝජනා කර තිබෙනවා. මෙය වනජීවී කොරිඩෝව ලෙස හදුන්වා ඇති අතර සතුන් ආරක්ෂිතව විසුරුවා හැරීමට හෝ සංක්‍රමණය වීමට ඉඩප්‍රස්ථාව ලබා දීමට යෝජනා වී තිබෙනවා.
පර්යේෂකයන් දකුණු අප්‍රිකාවේ දිවියන්ගේ වර්ධනය පිළිබඳව සිදුකරන ලද අධ්‍යනයේදී අනාවරණය වුයේ දිවියාන්ගේ මරණවලින් අඩක් මිනිසා හා සම්බන්ධ වී පවතින බවයි. නිදසුනක් වශයෙන්, දඩයම් කිරීම හෝ ගැටුම් වලින් විශාල වශයෙන් මෙම සතුන් මොයගොස් තිබෙනවා.
මෙම සිදුවීම් වලට විසදුම් ලෙස පළමුවෙන්ම, මිනිසුන් සමඟ ගැටුම් ඇති නොවී සතුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩකඩ ඇති කල යුතු වනවා. සාමාන්‍යයෙන් පිරිමි දිවියන්ට ඔවුන් ඉපදුණු ස්ථානයට සැතපුම් 200 ක (කි.මී. 322) ප්‍රමාණයක් දක්වා ගමන් කිරීම අනිවාර්යයෙන් සිදුවන්නක්.

දෙවනුව, හම් හෝ සාම්ප්‍රදායික ඖෂධ සඳහා දඩයම් කිරීම නතර කල යුතු වනවා.
දකුණු අප්‍රිකාවේ අනෙකුත් විලෝපිකයන් එනම් සිංහයන්, වල් බල්ලන්, චීටා යන සත්වයන් පවා මෙසේ කළමනාකරණය සංරක්‍ෂකයන් විසින් සකස් කරන ලද සැලසුම් අනුව සංරක්ෂණය කරනු ලබනවා. දකුණු අප්‍රිකාවේ අනෙකුත් විලෝපිකයන් මෙන් නොව දිවියන් සම්බන්ධයෙන් මෙම තත්වය වෙනස් වී තිබෙනවා. ඒ මෙම සත්ත්වයන් මේ වන විට ජිවත් වන්නේ ඔවුන් මෙතෙක් ජිවත් වූ පරිසර කලාපයෙන් 62% ක් පිටතය.
දකුණු අප්‍රිකාවේ කලාපවල දැනට හුදකලා කර ඇති මෙම සත්වයන් සඳහා වනජීවී කොරිඩෝවක් ඉදිකිරිම ඉතා ඉක්මනින් කල යුතු අතර මේ හා සමාන වැඩපිළිවෙලක් ඉන්දියාවේ සිදු කිරීමටද නියමිතයි.
මුලාශ්‍රය – BBC