News Line| Off Air
Generic placeholder image

Sep
7

ස්පර්ශය ප්‍රතිස්ථාපනය කිරීම අපහසු ඇයි ?

1512 Views


ස්පර්ශය ප්‍රතිස්ථාපනය කිරීම අපහසු ඇයි ?

පසුගිය කාලයේ ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයත් සමඟ බොහෝ රටවල්, පසුගිය මාස කිහිපය අගුලු දමා තිබීම හා පුද්ගල දුරස්ථභාවය ඇති කිරීම නිසා පුද්ගලයන් එකිනෙකාගෙන් ඈත්වී හුදෙකලා වන්නට විය. එනම් කිසිවෙක් සමඟ ශාරීරික සම්බන්ධතා ඇති කර ගැනීම නොකළ යුතු බවයි.

මේ හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ ජීවිකාවන් නැවත පටන්ගන්නා දවසක් නොමැතිව නතර කිරීමට සිදුවිය. මේ අතර “යමෙකු ස්පර්ශ නොකර මට කිසිම ආකාරයක වැඩක් කළ නොහැකිය. එය මගේ වෘත්තියේ කොටසක් ”යැයි ලන්ඩනයේ වේශ නිරූපණ ශිල්පියෙකු වන ජෝයි ඇඩෙනුගා පවසනවා. මාර්තු අග සිට, එක්සත් රාජධානිය අගුලු දැමු පසු, ඇය වැනි රූපලාවණ්‍ය වෘත්තිකයින්ට වැඩ කිරීම නවතා දැමීමට සිදුවී ඇති අතර, ඔවුන්ට නැවත සේවයට පැමිණිය යුත්තේ කවදාදැයි සැලසුමක් පවා නොමැති විය.

ඇඩෙනුගා පවසන්නේ ආදායම අහිමිවීම ඇයට ශෝකය ගෙනදෙන එකම හැඟීමට හේතුව නොවන බවයි. ඇයගේ කාර්යයේ නිතරම වෙනස්වන ස්වභාවයට ඇය පුරුදු වී සිටින කෙනෙකි. ඇගේ සේවාදායකයින්ගෙන් බොහෝ දෙනෙක් මනාලියන් වන අතර ඔවුන් සමඟ සුහදව කතා කරමින් විස්තර හුවමාරු කර ගැනීම ඇගේ විනෝදාංශය වුණා.

සමාජ දුරස්ථ නීති මගින් සීමා කර ඇති එකම කර්මාන්තය රුපලාවන්‍ය අලංකාරය නොවේ. පුද්ගලික පුහුණුකරුවන්ගේ සිට මැහුම්කරුවන් දක්වා වෘත්තිකයන්ට මාර්ගෝපදේශ යටතේ වැඩ කිරීම දුෂ්කර වී තිබෙනවා. නමුත් සමහරු වීඩියෝ ඇමතුම් භාවිතයෙන් දිගටම වැඩ කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

“මිනිස් ස්පර්ශය විහිළුවක් නොවේ. එනම් ආදර හැඟීම් හෝ පවුලේ සාමාජිකයන් අතර ඇතිවන ප්‍රේම පමණක්ම නොව, එදිනෙදා අප අත්විඳින මිනිස් ස්පර්ශය ප්‍රතික්ෂේප කල නොහැකි” බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා.

අප අන් අයට සමීප වීමට ආශා කරන්නේ ඇයි? මිනිස් ස්පර්ශය ප්‍රතිස්ථාපනය කිරීම එතරම් අපහසු ඇයි?

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ සන්නිවේදන මහාචාර්යවරයකු වන කෝරි ෆ්ලොයිඩ්, මේ පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ පරීක්ෂණ කල අයෙකි. එනම් “ස්පර්ශය අහිමි වීම” ඔහුගේ පරීක්ෂණ වල එක් අංගයක් වන අතර, හුදෙකලාව වෙසෙන්නන් මෙම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවද වෙනත් ආකාරයකින් මොහු පර්යේෂණය කර ඇත.

ඒ අනුව කොරෝනා හේතුවෙන් ඇති කරන ලද සමාජ දුරස්තභාවයේ වර්තමාන තත්වය වන්නේ, මීට පෙර හුදෙකලා බවක් දැනුණු අයට තවමත් තනිවම ජිවත් විය හැකි අයුරින් දැනෙන අතර මීට පෙර කිසි දිනෙක හුදෙකලා බවක් දැනුනේ නැති පුද්ගලයින්ට එය දැනෙන්නේ නිශ්චිත ආකාරයකින් සෙනෙහස අහිමි වීමක් ලෙසයි.

එනම් අපේ ශරීරයට අවශ්‍ය ස්පර්ශයේ ප්‍රමාණය සහ අපට ලැබෙන ප්‍රමාණය අතර විෂමතාවයක් ඇති විට අපට එය අඩුපාඩුවක් සේ දැනෙන බවයි. එනම් එය සාමාන්‍ය කුසගින්නට බෙහෙවින් සමාන වන තත්වයක් බවයි. මිනිසුන්ට එය දැනෙන්නේ ඔවුන්ට අවශ්‍ය දේ ප්‍රමාණවත් නොවන පරිදි ලැබීමේදී පමණි. එනම් එය තම සමීපතමයන් උදාහරණයක් ලෙස දරු මුණුබුරන් මිණිබිරියන්, ඔවුන්ගේ දෙමව්පියන් හෝ කාලත්‍රයා ලග නොසිටිමේදී දන්නේනේ මෙම හැගීමයි.

සමහර අයට අනෙක් අයට වඩා වැඩි අවශ්‍යතා ඇති බව පැහැදිලි නමුත් මෙය කිසිසේත්ම අවශ්‍ය නොවන ඉතා සුළු පිරිසක්ද ලෝකයේ ජිවත් වනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post