පසුගිය දින කිහිපිය තුළ මුහුදු ප්‍රදේශ කිහිපයක් අාශ්‍රිතව විශාල වශයෙන් කැස්බෑවුන් මියයාම පිළිබද පුවත් වාර්තා විය. ඒය කතා බහට ලක්වන්නේ, පසුගිය 4 වැනිදාට යෙදුණු ලෝක සත්ත්ව දිනයත් සමගයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය ලක් වූයේ මසකට පමණ ඉහතදී නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව දෙසටයි. ඊට හේතුව වූයේ, ඒම නැව ගිනි ගැනීමත් සමග අැන්ජිමෙන් මහ සයුරට කාන්දු වූ බොර තෙල් හේතුවෙන් සමුද්‍ර ජීවීන් මියයාමේ අවදානමක් පවතින බවට පරිසරවේදීන් කළ අනතුරු අැගවීමයි.
පසුගිය දිනවල වාර්තා වූ කැස්බෑ මරණවලට සැබෑම හේතුව පරිසරවේදීන් පළ කළ ඒම අනාවැකිය ද?
කැස්බෑවුන්ගේ අායු කාලය දැක්වෙන්නේ අවුරුදු 150ක් ලෙසයි. ලොවපුරා වෙසෙන කැස්බෑ වර්ග 8කින් වර්ග 5ක් මෙරට මුහුද තුළ වාසය කරති. දාර කැස්බෑවා, ඔළුගෙඩි කැස්බෑවා, කොළ කැස්බෑවා, බටු කැස්බෑවා සහ පොතු කැස්බෑවා ඒම වර්ග අතර වෙති. ඒම සත්ත්වයින් ශ්‍රී ලංකාව අාශ්‍රිත මුහුදු තීරයට පැමිණෙන්නේ, ප්‍රජනන ක්‍රියාවලිය සහ වර්ගයා බෝ කිරීම සදහායි. මේ කාලය වනවිට ඒම සත්ත්වයින් බිත්තර දැමීම සදහා ෙනාගැඹුරු මුහුදු තීරයට පැමිණෙති. පරිසරවේදීන් පෙන්වා දෙන අාකාරයට ගල්පරයක හැපීම, ට්‍රෝලර් යාත්‍රාවක ගැටීම වැනි හේතූන් කැස්බෑවෙකු මරණයට පත්විය හැකි සාමාන්‍ය ක්‍රමයන් වෙයි. ඒහෙත් මෙලෙස පසුගිය 3 වැනිදා දිනය තුළ පමණක් වාර්තා වූ කැස්බෑ නිල මරණ සංඛ්‍යාව 10ක් පමණ වන අතර තවත් නොනිල දත්ත පැවැතිය හැකි බව පරිසරවේදීන්ගේ මතයයි. ඒකවර මෙවැනි විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වීම සැකයට තුඩු දෙන්නක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පසුගිය 3 වැනිදා මුල්ම කැස්බෑ සිරුර සොයාගන්නේ, ගල්කිස්ස මුහුදු තීරයෙනි. ගල්කිස්ස හෝටලය පසුපසින් තවත් කැස්බෑ සිරුරු 2ක් හමු වූ අතර ඔවුන් බටු කැස්බෑවන් බවට අනාවරණය කරගෙන අැත. ඊට පසුදින වැල්ලවත්ත මුහුදු තීරයෙන් තවත් කැස්බෑ සිරුරු 3ක් හමු වී අැති අතර ගාලුමුවදොර මුහුදු තීරයෙන් සිරුරු 5ක් සොයාගෙන අැත. පසුව 5 වැනිදා සහ 6 වැනිදා තවත් කැස්බෑ සිරුරක් සහ පණ අැති කැස්බෑවෙකු සොයාගත්තේ වැල්ලවත්ත දුම්රියපොළ අසලින් හා මොරටුව වෙරළ තීරයෙනි. ඒම මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නැතත්, ඒය අධ්‍යයනය කිරීම සදහා කැස්බෑවුන්ගේ සිරුරු සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට භාර දී තිබුණි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන්නේ මෙලෙස ඒකවර කැස්බෑවුන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වීම අසාමාන්‍ය සිදුවීමක් බැවිනි.
පරිසර විද්‍යාඥයින්ගේ පෙන්වා දීමට අනුව කැස්බෑවෙකුගේ සාමාන්‍ය අායු කාලය වසර 150කටත් අධික කාලයක් වන අතර ඔවුන් පහසුවෙන් මරණයට පත් නොවන සත්ත්ව කොට්ඨාසයකි. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් බැහැර වූ ඉන්ධන හේතුවෙන් මෙම සතුන් මියගියාදැයි පැහැදිලිවම කිව නොහැකි වුවත් දියවැල් හරහා ඒහි බලපෑම කැස්බෑවුන්ට මෙන්ම අනෙකුත් මුහුදු සතුන්ට ද දැනිය හැකි බව පරිසරවේදීන්ගේ නිගමනයයි. ඒමෙන්ම මරණයට පත්ව අැති කැස්බෑ වර්ගය බටු කැස්බෑවුන් වන අතර ඔවුන් වාසය කරන්නේ සමූහ වශයෙන් වන බැවින් බෝ වන රෝගයකින් මෙලෙස විශාල වශයෙන් කැස්බෑවුන් මියිගියේ දැයි සැකයක් පවතින බව ද පරීක්ෂණ පවත්වන අැතැම් කණ්ඩායම් පෙන්වා දෙති.
කෙසේවෙතත් මෙලෙස කැස්බෑවුන් විශාල ලෙස මියයාම සහ නිව් ඩයමන්ඩ් නෟකාවේ ගින්න යන සිදුවීම් දෙක අතර සෘජු සම්බන්ධයක් පවතියිද යන කාරණය ඉස්මතු කර ගැනීම සදහා තවමත් පර්යේෂණ සිදු වෙමින් පවතියි.
මෙවැනි සිදුවීම් පිළිබද අප අවධානය යොමු කළ යුත්තේ, ලෝකයේ පැවැත්මට මිනිසුන්ගේ පැවැත්ම ම පමණක් ප්‍රමාණවත් නොවීම හා සත්ත්වයින් සහ ගහකොළ ද ඒහි පැවැත්වමට අනිවාර්යය සාදකයක් බැවින් මිනිසා රැකෙන අාකාරයටම බාහිර පරිසරය ද අාරක්ෂා කිරීම සියල්ලන්ගේ වගකීමක් වන බැවිනි.