ස්වභාවික අාපදාවන් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ඔක්තෝබර් 13 වැනිදා ප්‍රකාශයට පත්කර අැත්තේ, අාපදා අවදානම අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සදහා වන ඒක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගිනි. මෙවර ඒහි තේමාව වී අැත්තේ, ‘අාපදා අවදානම් පාලනය’ යන්නයි.
ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 නවතම දත්තවලට අනුව කාලගුණය අාශ්‍රිතව සිදු වූ කුණාටු, ගංවතුර, තාප තරංග අාදියෙන් සිදු වූ අලාභහානිවලින් බලපෑමට ලක්ව අැත්තේ පිළිවෙලින් ජපානය, පිලිපීනය, ජර්මනිය, මැඩගස්කරය සහ ඉන්දියාව වන අතර ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට පත්ව අැත. කාර්මික රටවලට වඩා උෟණ සංවර්ධිත රටවල් අාපදාවලින් බලපෑමට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.
අනාගත දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් දේශගුණික අවදානම් දර්ශකය දැනටමත් පවත්නා අවදානම සදහා රතු ධජයක් පෙන්වා දී අැති අතර ඒමගින් නිරන්තරයෙන් දේශගුණික විපර්යාස සිදුවිය හැකි ප්‍රදේශවල අවදානම තවදුරටත් ඉහළ යා හැකි බව ද පෙන්වා දෙයි.
දේශගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ, එවන් උපද්‍රවයකදී එ්වාට මුහුණ දීමේ හැකියාව අඩු මට්ටමක පවතින ප්‍රදේශයි. මෙම අවශ්‍යතා සපුරාලීම සදහා මූල්‍ය සම්පත් උත්පාදනය කිරීම, ලබාදීම, දේශගුණික විපර්යාසයන්ට අනුගත වීමේ පියවර ක්‍රියාත්මක කිරීම හා ශක්තිමත් කිරීම වහාම කළ යුතුව අැති බව දේශගුණික විපර්යාසයන් පිළිබද ගවේෂණය කරන්නන්ගේ අදහසයි.
අාපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව 2019 වසරේ සැප්තැම්බර් අග වනවිට 780,000කට අධික පිරිසක් නියගය හේතුවෙන් පීඩාවට පත්ව අැත. උතුරු හා නැගෙනහිර පළාත්වලින් පීඩාවට පත් වූවන් වැඩි පිරිසක් හදුනාගෙන අැති අතර එම වසරේම ඔක්තෝබර් මස වනවිට එය දළ වශයෙන් 634,000ක් පමණ වී අැත. මෙය දළ වශයෙන් පෙර වසරට සාපේක්ෂව 20% ක අඩුවීමක් වේ. 2020 මැයි මස 10 වැනිදා වනවිට පළාත් අටක දිස්ත්‍රික්ක 14කින් පීඩාවට පත් වූවන් සමස්තයක් ලෙස 312,000ක් වාර්තා වී අැත.
ශ්‍රී ලංකාව වන විනාශය තවමත් අධිකව සිදුකරන අතර විදුලිය නිපදවීමේදී ගල් අගුරු හා ප්‍රවාහනයේදී පොසිල ඉන්ධන දහනය තවදුරටත් සීමා කිරීමකින් තොරව ප්‍රචලිත කර අැත. කාබන් පියසටහන අවම කරනු වෙනුවට ‘ඉන්ෂුවරන්ස්’ අැතුළු වෙළදපොළ උපක්‍රම අාපදා පාලනයට සත්‍ය විසදුමක් නොවන බව පර්යේෂකයින්ගේ අදහසයි.
පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ, ලෝක ජනතාව දේශගුණික අනාථයින් බවට පත්වීමේ කටුක ඛේදවාචකයෙන් මුදවා ගැනිමට නම් තිරසර සංවර්ධන ඉලක්ක සහ පැරිස් දේශගුණික ප්‍රඥප්තියට අනුකූලව දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමේ ක්‍රියාවලීන්ට ජාත්‍යන්තර ප්‍රමුඛතාවය දිය යුතුව අැති බවයි. ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කිරීමට හා එයට මුහුණ දීමට නම් ජනතාවගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට සිදුකරන කටයුතු ප්‍රමාණවත් නොවන බව ද පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.