News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

”ඒ දවස් වල අපි එළි වෙනකං තාත්තාව වට කරගෙන ඇහැරගෙන හිටියා, අපේ ගෙදරට ක්ලේමෝ බෝම්බ එවුවේ කේක් එකක් ඇතුලෙ දාලා ” – තාත්තා ජනපති වෙන්න කලින් සිදු වූනු කරදර ගැන, චතුරිකා සිරිසේන මුල් වරට මාධ්‍යයට කියයි… – Exclusive Video

5813 Views


”ඒ දවස් වල අපි එළි වෙනකං තාත්තාව වට කරගෙන ඇහැරගෙන හිටියා, අපේ ගෙදරට ක්ලේමෝ බෝම්බ එවුවේ  කේක් එකක් ඇතුලෙ දාලා ” – තාත්තා ජනපති වෙන්න කලින් සිදු වූනු කරදර ගැන, චතුරිකා සිරිසේන මුල් වරට මාධ්‍යයට කියයි… – Exclusive Video

දුවෙක්ගෙ ලෝකයේ මුල්ම ආදරය වෙන්නෙ තාත්තා. ඒ වගේම තාත්තා කෙනෙකුගෙන් දුවෙකුට ලැබෙන ආදරයත් ඒ වගේමයි. මුළු ලොකේම තියෙන, දුව සහ තාත්තා ගේ බැඳීම වචන වලට පෙරලන්න තාත්තා කෙනෙකුට වගේම දුවෙකුටත් ගොඩක් අමාරු වැඩක්. ඒ වගේම අපි කතා කරන්න යන කථාවේ තාත්තයි, දුවයි මුළු ලොකේම දන්න චරිත වුනොත් ඒ දේ වචන වලට පෙරලන එක තවත් අමාරු වැඩක්.

එත් දුවෙකුගෙ හිතේ තමන්ගෙ තාත්තා රජ වෙලා ඉන්න වෙලාවක, ඒ තාත්තා රටෙත් රජතුමා උනාම ඒ සතුට කොහොම හරි එලියට දාන්න ක්‍රමයක් දුව හොයා ගන්නවා. ඒ වගේ දුවෙක් තමයි අපේ ජනාධිපති තුමාගෙ දුව. නමින් ඇය චතුරිකා සිරිසේන. චතුරිකා එයාගේ තාත්තගේ චරිතාපදානයක් ලියන්න අදහස් කරගෙන ඉඳලා තියෙන්නෙ තාත්තා කවුරුත් දන්න කියන, පොළොන්නරුවෙ ග්‍රාම නිළධාරී තනතුරේ ඉන්න කාලෙ ඉඳන්. එත් චතුරිකාට වැඩේ ඉවරකරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ එයාත් පොඩි දුවෙක්ගෙ අම්ම කෙනෙක් වුනාටත් පස්සෙ. චතුරිකා කියන්නෙ, මේ පොතේ එයා පොඩි කාලෙ ඉඳන් තාත්තා එක්ක විඳපු අත්දැකීම් ඒ විදිහටම රචනා කළා කියලා. එත් එක්කම එයාලගේ පවුල ගැන හැම විස්තරයක්ම මේ පොත ඇතුලේ අකුරු වෙලා තියෙනවා.

ඉතින් චතුරිකා සිරිසේන ලියපු මේ පොත නම් කරලා තියෙන්නෙ ” ජනාධිපති තාත්තා ” කියලා. මේ පොත එළිදැක්වීම තියෙන්නෙ හෙට (සැප්තැම්බර් 15) උදේ 7.30 ට කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී. තාත්තාගේ දේශපාලන ගමන ගැන ජනාධිපතිවරයෙකුගේ දුවෙක් විසින් ලියන පළවෙනිම චරිතාපදානය ලෙසට මේ වැඩේ ඉතිහාසගත වෙනවා.

මේ තමයි ජනාධිපති දියණිය කුඩා කල විඳපු කරදර ගැන මාධ්‍යයට කියපු කතාව…

 

 

 

 

 

 


News Articles
Latest Videos
Most Popular Post