News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

අද සතුරු කරදර වැඩි දවසක්. වැඩි විස්තර මෙතනින් බලන්න.

2336 Views


අද සතුරු කරදර වැඩි දවසක්. වැඩි විස්තර මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 15 සිකුරාදා

රාහු කාලය පෙ.ව 10.34 සිට 12.06

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව ගිණිකොන

 

 

මේෂ ලග්නය

ගෙදරදොරේ කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා.තමන්ගේ ගෙදර අලංකරණය කරන්න යම් ආකාරයක ක්‍රියාවලියකට ඔබ මැදිහත් වෙනවා.ඒ සදහා යම් මුදලකුත් ඔබට වැය කරන්න සිදු වේවි.ප්‍රේමනීය සම්බන්ධතා හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලත් යහපත් දියුණුවක් අපේක්ෂා කල හැකියි.කාලයක් මුළුල්ලේ අතහැරලා දල තිබුණු කලකිරීමකට ලක් වෙලා තිබුණු වැඩ කටයුතු කීපයක් අද දවසේදී ඔබ ආරම්භ කරන්න උත්සහ කරනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලට වැඩි ඉඩකඩක් පවතිනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 03

 

 

වෘෂභ ලග්නය

ඔබ කරන කියන කටයුතු සැලසුම් කරනවා. පුංචි පුංචි බාධාකාරී තත්ව තිබුණානම් ඒවා යටපත් කරගෙන තමන්ගේ දියුණුව උදා කරගත හැකියි.වැඩිහිටියන්ගේ ඥාතීන්ගේ අනිත් අයගේ උදව් උපකාර ඉතා පහසුවෙන් හිමි වෙනවා. කායික ශක්තිය දියුණු වෙනවා වගේම මානසික සුවතාවයත් වර්ධනය කර ගන්න පුළුවන්. ඇතැම් වැඩ කටයුතු නම් කල් දැමීමට සිදු වෙනවා. කායික ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව පවතින නිසා ක්‍රිඩාශීලි කටයුතු පවා දියුණු කරගන්න පුළුවන්.තමන්ට සේවක සේවකාදීන්ගෙන් යම් ආකාරයක ගැටළුවක් බාධාවක් තිබ්බුනනම් සාර්ථක විසදුම් හිමි වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 07

 

මිථුන ලග්නය

ඔබගේ අධ්‍යාපනික සිහින සැබෑ කරගන්න පුළුවන් දිනයක්.අතහැරලා දාලා තිබුන එවැනි අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්න වගේම ඔබගේ ගුරුවරයන්ගේ උදව් උපකාර ලබා ගන්නත් අද දවසේදී ඉඩකඩ වෙන් වෙලා පවතිනවා. දරුපල අපේක්ෂාවෙන් හිටපු කෙනෙක්  නම් ඒ පිලිබදව සුභ සිහින දැකිය හැකියි. ප්‍රේමනීය සම්බන්ධතා සාර්ථක කරගැනීමට අවශ්‍ය මග විවර වෙනවා. වැඩිහිටියන් සමග සාකච්චා කරන්න ඔබට සිදු වෙනවා. එවැනි කටයුතු වලින් ඔබට ජයග්‍රහණ අත් කරගත හැකියි. කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්න. වියදම් පාර්ශවය යම් ප්‍රමාණයකට ඉහල යා හැකියි. ගුප්තමය අසනීප ඇතිවිය හැකියි. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                  ජය අංකය 04

 

කටක ලග්නය

පෙර පින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. කායික ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව මානසික ශක්තිය දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. කලාකාමී කටයුතු වලින් යම් දියුණුවක් ලැබිය හැකියි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් පැහැදිලි දියුණුවක් පෙන්නවා. ගෙදරදොර කටයුතු දියුණු වෙනවා. තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. වෙනදට වඩා අධ්‍යාපනික ක්ෂේත්‍ර හා දූදරුවන් ගැන අවධානය යොමු කරන්න.

ජය වර්ණය ලා දම් පැහැය                        ජය අංකය 03

 

 

සිංහ ලග්නය

සෙම් සහිත රෝග උණ සන්නිපාත රෝග වලින් පිඩාවට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. කාන්තා පාර්ශවයන් සමග කරන ගනුදෙනු කිරීම් වගේම පිට පළාත්වල පුද්ගලයන් සමග කරන ගණුදෙනු කිරීම් වලිනුත් පාඩු ඇතිවිය හැකියි. දුර ගමන් උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලිනුත් බාධා ඇතිවිය හැකියි. පෞරුෂය මුලික කරගෙන යම් යම් ගැටලුකාරී ස්වභාව සමතකයකට පත්කර ගැනීමේ හැකියාව පවතිනවා. තමන්ගේ ආර්ථික කටයුතු දියුණු කරගන්න තමන් උත්සහ කරනවා. අතහැරලා දාලා තිබුන කටයුතු අනුන්ගේ ඇබෑර්තු වලට වැඩ කිරීම් ආදී කටයුතු වලින් ඔබට යම් සහනයක් ලබා ගත හැකියි. කල්පනාකාරීව දවසේ කටයුතු සැලසුම් කර ගන්න.

ජය වර්ණය රන්වන් පැහැය                  ජය අංකය 06

 

 

කන්‍යා ලග්නය

පරිපාලනමය හැකියාව වගේම භාෂාව හැසිරවීමේ හැකියාව මුල් කරගෙන ඔබ බොහෝ ජයග්‍රහණ හිමිකර ගන්නවා. දියරමය කටයුතු ගමන් බිමන් යාම් කටයුතු නිල ඇදුම් අදින වෘත්තියක ඔබ නිරත වෙනවානම් එවැනි කටයුතු වලිනුත් ජය ලබන්න පුළුවන්. ආහාර සම්බන්ධ කටයුතු වලිනුත් දීප්තිමත් භාවයක් අත්කර ගන්න පුළුවන්. හෝටල් ක්ෂේත්‍ර වල නිරත වෙලා ඉන්න අයගේ ආර්ථිකය යහපත් වෙනවා. පරිපාලනමය හැකියාව උසස් මට්ටමක පවතින නිසා බොහෝ ගැටළු අවම කරගත හැකියි. දණහිස ආශ්‍රිත  රෝගී තත්ව වළලුකර ආශ්‍රිත රෝගී තත්ව විටින් විට ඇති වෙනවා. ආමාශගත රෝගී තත්වද ඇතිවිය හැකියි. තමන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු පිලිබදව ඔබට වෙහෙස වීමට සිදු වෙනවා.

ජය වර්ණය ලා තැඹිලි පැහැය                    ජය අංකය 02

 

 

තුලා ලග්නය

රැකිරක්ෂා කටයුතු වල යම් ආකාරයක දෝලනය වීමේ ස්වභාවයක් පෙන්නුම් කරලා තියෙනවා. ඇතැම් වැඩ කටයුතු ඔබ අතහැරලා දාන්න උත්සහ කරනවා. සමහර කටයුතු ඔබ ඉක්මනින් ඉවර කරලා අලුත් වැඩ කටයුතු ආරම්භ කරන්න උත්සහ කරනවා. ඔබගේ වෘත්තිමය ජීවිතය තුල අද දවස බොහොම කාර්යබහුල වෙනවා. අලුත් නිලතල සදහා ඔබගේ හිත තුල යම් ආකාරයක කැමැත්තක් උදා වෙනවා. ඒවගේම ඉහල නිලධාරීන්ගේ ආශිර්වාදය ඔබට හිමි වෙනවා. බොහෝ කටයුතු ඔබට ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. ක්‍රමානුකුලව ඔබ යම් යම් දේවල් වපුරන ස්වභාවයක් ඇති වෙනවා. කල්පනාකාරීව කටයුතු කලයුතු වෙනවා. සතුරු කරදර වලට වගේම ඊර්ෂියාකම් වලට ඔබ ලක් වෙනවා.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 05

 

වෘශ්චික ලග්නය

 

වෘත්තිමය කටයුතු තුල ඔබට පැහැදිලි දියුණුවක් ලගා කර ගන්න පුළුවන්. කාන්තා පාර්ශවයේ සම්බන්ධතා මුලික කරගෙන පුංචි හෝ බාධාකාරී තත්වයක් ඇතිවිය හැකියි.නීතිමය ගැටලුකාරී ස්වභාව ඇති වීමේ ඉඩකඩ පවතිනවා. ගමන් බිමන් යාම් ඇප වීම් වලදී තරමක් කල්පනාකාරී වෙන්න.නීතිමය තත්ව භාෂාව හැසිරවීමේ තත්ව වලදී තරමක් කල්පනාකාරී වන්න. ඉවසිලිවන්තව තීන්දු තීරණ ගන්න. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩ ඉහල මට්ටමක පවතිනවා. අතිශය කාර්යබහුලත්වය මුලික කරගෙන ඇතැම් කටයුතු අතහැර දමන්නත් ඇතැම් කටයුතු පැටලිලි ස්වභාවයක් ගන්නත් පුළුවන්. ආයෝජන කටයුතු වගේම අධ්‍යාපනික කටයුතු දියුණු කර ගන්නත් හැකියාව තියෙනවා. දුර බැහැර ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 07

 

 

ධනු ලග්නය

ඉහල නිලධාරීන්ගේ ආශිර්වාදය දිනා ගැනීමේ ඉඩකඩ තමන්ට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ ආශිර්වාදය හිමිකර ගැනීමේ හැකියාව පවතිනවා. තමන්ගේ යාලුහිතමිත්‍රයන් තමන්ගේ කටයුතු වලට උපකාර කරන්නේ පෙරලා උපකාරයක් අපේක්ෂා නොකර. තමනුත් අනුන්ට උපකාර කරන දිනයක්. තමන්ගේ උසස් අධ්‍යාපනික සිහින සැබෑ කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. තමන්ගේ වෘත්තිමය කටයුතු වලට බාධා තිබුනානම් ඒවා දුරු කරගෙන තමන් බලාපොරොත්තු වුණු උසස් වීම් වැටුප් වර්ධක ඉල්ලා හිටින්න යහපත් දවසක්. පාද ආශ්‍රිත රෝග තත්ව ඇති විය හැක.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 09

 

 

මකර ලග්නය

රැකිරක්ෂා සම්බන්ධ කටයුතු වලදී වෙනදට වඩා කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා.නොතෙරුම්කමින් හෝ කලබල වීම හේතු කරගෙන අතපසු වීම් කිහිපයක් සිදු වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය කටයුතු විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැකියි. කායික ශක්තිය පිලිබදව නම් තරමක් කල්පනාකාරී වන්න. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇති විය හැක. තමන්ගේ මානසික ශක්තියටත් යම් ආකාරයක අශුභතා ඇතිවිය හැකියි. ගෙවල් දොරවල් ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු වගා ආශ්‍රිත කටයුතු වලනම් පැහැදිලි දියුණුවක් අපේක්ෂා කල හැකියි. භුමිය ආශ්‍රිත කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් එවැනි කටයුතු වලිනුත් යම් ආකාරයක හෝ දියුණුවක් අපේක්ෂා කල හැකියි.

ජය වර්ණය ලා දම් පැහැය                       ජය අංකය 04

 

කුම්භ ලග්නය

කාලයක් මුළුල්ලේ යටපත් වෙලා තිබුණ හැකියාවන් දක්ෂතාවයන් දියුණු කරගන්න පුළුවන්. ගුප්තමය හැකියාවන් දියුණු වෙනවා. ආගමානුකුල කටයුතු දියුණු කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. අපූරු දේවල් ඉගෙන ගන්න ඉතා යහපත් දිනයක්. සතුරු කරදර බාධක තිබුණානම් ඒවා සියල්ලම යටපත් කර ගත හැකියි. කලාකාමී කටයුතු ප්‍රේමනීය සම්බන්ධතා ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් දියුණු වෙනවා. අලුත් හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න අද දවස යහපත්. වචන බාවිතා කරගෙන දියුණු විය හැකියි.

ජය වර්ණය ලා නිල් පැහැය                       ජය අංකය 07

 

 

මීන ලග්නය

පුංචි පුංචි චිත්ත පීඩා කලකිරීම් ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා තියෙනවා. ඒනිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ප්‍රේමනීය සම්බන්ධතා විවාහ සම්බන්ධතා පිළිබද කටයුතු වලදී දෙගිඩියාවක් ඇති කරනවා. කටයුතු සම්පාදනය කර ගෙන සැහැල්ලු සිතින් උත්සහවන්ත වෙන්න. ප්‍රේමනීය සම්බන්ධතා පිලිබදව වෙනදට වඩා උනන්දුවක් ඇති කරනවා. කායික ශක්තිය දියුණු වෙන දිනයක්. ගෘහාශ්‍රිත කටයුතු දියුණු කර ගන්න වගේම සියුම් කටයුතු සාර්ථක කරගන්න හැකියාව පවතිනවා. රහසිගත කටයුතු දියුණු කර ගත හැකියි. සේවක ගැටළු ආදී තත්ව පැවතුන නම් ඒ තත්ව දුරු කරගත හැකියි.

ජය වර්ණය දීප්තිමත් දම් පැහැය                            ජය අංකය 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 076 6765353


News Articles
Latest Videos
Most Popular Post