News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

“ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න බෑ” – හේතුව අරවින්ද කියයි.

8120 Views


“ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න බෑ” – හේතුව අරවින්ද කියයි.

අද ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන තීරණය වෙන වැදගත් දවසක්. අද ක්‍රිකට් සමුළුවක් තියෙනවා. ඒකට එන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින්, සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් වගේම ක්‍රිකට් වලට සම්බන්ධ පිරිසක්. හැබැයි මේ සමුළුව පටන් ගන්න මොහොත වෙද්දී අපිට ආරංචි වුනේ ප්‍රවීන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ වැඩේට එච්චර කැමැත්තක් නැහැ කියලයි.

අරවින්ද, මහේල, සිදත්,රොෂාන් වගේ ප්‍රවීණ ක්‍රීඩකයොන්ට ක්‍රිකට් පරිපාලනයට සහය වෙන්න ආරාධනා කරන බව පහුගිය ටිකේ අපිට ආරංචි වුනා. ඒත් මේ යන විදිහටම යනවනම් තමන් ආවා කියලත් වැඩක් වෙන්නේ නැහැ කියන කතාව ඒ අතරින් බොහෝදෙනෙක් කියලා තිබුනා.

“මේවා කරන්නන් වාලේ කරන්න පුළුවන් වැඩ නෙමේ. ටිකක් ඉවසීමෙන් බලලා, සැලැස්මක් ඇතිව කළ යුතු දේවල්. අපි ඇවිදින් මෙන දේ කීවත් ඒවා සිද්ධ වෙන්නේ නැතිනම් අපේ අදහස් වලින් වැඩක් නෑනේ…හිතූ හිතූ ආකාරයට පුහුණුකරුවන් ගේනවා, යවනවා…ක්‍රිකට් කමිටු රැස්වීම් වලට විධායක කමිටු නිලධාරීන් එන්නේ නෑ..එතකොට අපි කරන්න යන්නේ මොකක්ද, අපේ සැලැස්ම මොකක්ද කියලා එයාලා දන්නේ නෑ…මේ වගේ තත්ත්වයක් තියාගෙන ඉදිරියට යන්න බෑ” කියලා තමයි අරවින්ද කියන්නෙ.

කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පහුගිය දවසක මාධ්‍යට කිවුවේ ඉක්මනටම තේරීම් කමිටුවක් පත්කරනවා කියලයි. ඉතින් අපිත් තව ටිකක් ඉවසලා ඉමු ඒ දවස එනකං.


News Articles
Latest Videos
Most Popular Post