අද 2017 සැප්තැම්බර් මාසයේ 16 සෙනසුරාදා
රාහු කාලය පෙ.ව 09.03 සිට 10.34
සුභ දිශාව උතුර
මරු සිටින දිශාව නැගෙනහිර
මේෂ ලග්නය

තම ආගමික කටයුතු වගේම අධ්‍යාපනික කටයුතුද බොහෝ විට සුභදායී තත්වයක් ඇතිවන බැවින් අද දිනය ඔබට එවැනි දෙයක් කරා යොමුවීම අරමුණ ගැනීම හැකියාව පවතිනවා. මංගල්‍යමය ගමන් බිමන් මංගල කටයුතු සාර්ථක වීමත් කල්ගිය විවාහ සම්බන්ධතා ස්ථිර වීමත් එවැනි දේකට සම්බන්ධ වීමක් තුලින් ඔබට සාර්ථක විසදුම් රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ තත්වය බලය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමේ හැකියාව තියෙනවා. බොහෝ විට අනුන් කියන දේ නාසා තනි තීරණයට වැඩ කිරීමට සිත තබා ගන්න.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 01
වෘෂභ ලග්නය

උනන්දුව උත්සාහය තුලින් ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින අතර අලුත් අදහස් ඇති වෙනවා. අලුත් අය ගෙදරට පැමිණෙනවා. අලුතෙන් යමක් මිලදී ගන්න ඔබට සිත දේවි.උත්සව අවස්ථාවකට සහභාගී වීමට හෝ මංගල්‍යමය ගමන් බිමන් වැඩි දිනයක්. තමන් සිතු ලෙස සිතු කටයුතු සාර්ථක කරගැනීමට අවැසි පරිසරයක් ඉබේම නිර්මාණය වන නිසාම ඔබට අද ඔබගේ කටයුතු ලේසි වෙනවා. ව්‍යාපාරිකයන්ට සුභදායක වුවත් වියහියදම් පැත්ත වැඩි වෙන අතර රජයේ උසස් රැකියා දරන නිලධාරීන්ට ඉතා සුභදායකයි.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 02
මිථුන ලග්නය

විටෙක අයහපත් තීරණයක්ද විටෙක යහපත් තීරණයක්ද ගැනීමට ඔබට අද දිනය තුලදී අවකාශ තියෙනවා. බාහිර අයගේ මතවලට ගරු කිරීමට ගොස් තරමක් දුරට ගැටළු සහගත තත්වයක් ඇතිවන නිසාම ප්‍රවේසම් විය යුතුයි. බොහෝ විට අන්‍යෝන්‍ය විශ්වාසය වැඩෙන අන්දමේ කටයුතු කීපයක් ආගමනුකුලව වතාවතක් සිදු කිරීමට නියමිත බැවින් එවැනි දේකට සාර්ථක ප්‍රථිපල ලැබෙනවා. පවුලේ අය එකමුතුව කරන කටයුතු රාශියක් කර ගැනීමට හැකියාව තිබෙන අතර පුණ්‍යකාමී සිතුවිලි උපදිනවා. අලුත් අලුත් අය ගෙදරට පැමිණීම හිතවතුන් මුණ ගැසීම් තුලින් ඔබට අද දිනය සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඒවගේම දරුවෙකුගේ කටයුතු මංගල කටයුතු හෝ රැකියා කටයුතු එහෙමත් නැත්තම් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අද ඔබට හැකියාව පවතිනවා.
ජය වර්ණය කොළ පැහැය ජය අංකය 05
කටක ලග්නය

උනන්දුව උත්සාහය උද්‍යෝගය මත කරන කටයුතු කීපයක් කර ගැනීමට හැකියාවක් තිබෙන අතර අලංකාරය සම්බන්ධයෙන් යම් දේ මිලදී ගන්න ගමන් බිමන් යන්න සිදු වෙනවා. බොහෝ විට උත්සව අවස්ථාවකට හෝ එවැනි උත්සවයකට සහභාගී වීමකට ඉඩ තිබෙන දිනයක්. අලංකාරකරණයට ඉඩක් දෙන අතර රුපලාවන්‍ය කටයුතු සංගීතය වැනි කලා කටයුතු වලට දායකවන ඔබට ඉතා වාසනාවන්ත දිනයක්. එයින් ඔබට සාර්ථකත්වය ලැබේවි.
ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය 02
සිංහ ලග්නය

උද්‍යෝගය උනන්දුව ක්‍රියාශීලිබව එකතැනකට වී සිටීමට නොහැකි දිනයක්. වැඩි රාජකාරි වැඩි වෙයි.අනුන්ගේ පරිබාහිර කටයුතු ඔබට කර ගැනීමට සිදු වෙනවා. ඒවගේම යම් යම් අයගේ සිත් දිනා ගැනීමට හැකියාවක් තිබෙන අතර ඔවුන් අතර ඔබ ජනප්‍රිය වන දිනයක්. ලැබීම අතින් යහපත් වුවත් වරින් වර සුළු සුළු සිත් තැවුල් ඇති වීමට ඉඩ තිබෙනවා. කලක් කරගෙන ගිය ව්‍යාපාරයක් හෝ රැකියා කටයුතු වෙනස් මගකට යොමු කිරීමට ඔබට සිත දේවි. එයින් ඔබට ජයග්‍රහණය ලැබීමේ භාග්‍ය වැඩියි. මංගල්‍යමය ගමන් බිමන් වැඩි අතර එවැනි මංගලමය කටයුතු වලට දායක වීමට මංගල්‍යක් සොයා යාමට හැකියාවක් තිබෙන දිනයක්. ගෙදරදොර වාතාවරණය යම් යම් බාධක මද්‍යයේ සිදු වුවත් එය සාර්ථක වෙනවා.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 05
කන්‍යා ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් ඇතත් යම් යම් අයගේ ප්‍රශ්න තුලින් ඔබට නොහැකියාව බාධාව ඇති වෙනවා. ඒ ගැන නොසිතා ඔබ උද්යෝගයෙන් කටයුතු කරන්නේනම් අද ඔබට සාර්ථක දිනයක්. බොහෝ විට යටි කුට්ටු උපක්‍රම උදව් කල අය අමනාප වීම් වැනි දේ තිබෙන නිසාම අද කල්පනාවකට ගත යුතුයි. මුලින් සැලසුම් කරන දේ කෙසේ හෝ කර ගැනීමට හැකියාවක් තියෙනවා. අවසානයට අවුල් වියවුල් ගතියක් ඇතිවන නිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 05
තුලා ලග්නය

බොහෝ විට කලක් කරගෙන ගිය දෙයක් විශේෂිත වූ ආකාරයට පටන් ගැනීමක් අලුත් අදහසක් ඇතිව කටයුතු කිරීමට ඔබ පෙළඹෙන නිසාම අද දවසේ ඔබ විශේෂ කෙනෙක් විදියට අන් අයට පෙනේවි. බාහිර අයගේ ඇස ඔබ මතට ගැටෙන නිසාම ඔබ තවත් උද්යෝගිමත් වන දිනයක්. අතමිට ලැබීම සැලසෙන අතර ව්‍යාපාරිකයින්ට වාසි දායකයි. විශේෂයෙන් දියර සම්බන්ධ හෝටල් ව්‍යාපාර සමබන්ධ කටයුතු කරන්නන්ට අද ලැබීම අතින් යහපත්වන අතර ඔබගේ දෛනික කටයුතු ඔබට වාසියක් වන අන්දමට සැකසේවි. හිතවතුන් ගෙදරට පැමිණීමත් ඔවුන්ගේ එකමුතුව කරන ක්‍රියා කලාපයන් නිසා ඔබ තවත් ජනප්‍රිය භාවයට පත් වීමත් ඔබගේ තත්වය බලය ඉහලට නැංවීමටත් අද ඔබට සාර්ථක වෙනවා.
ජය වර්ණය දම් පැහැය ජය අංකය 05
වෘශ්චික ලග්නය

යම් යම් දේ අමතකව අලස ගතියක් මතු වීමට ඉඩ තිබුනත් ක්‍රමක්‍රමයෙන් දවස මැද වන විට ඔබට සාර්ථක වීම තුලින් ජය ගත හැකියි. ව්‍යාපාරයක් එහෙමත් නැත්තම් ගමන් බිමන් වැඩි දිනයක්. විශේෂයෙන් ව්‍යාපාර කෙරෙහි කටයුතු කිරීමට ඔබ සිතා සිටියේ නම් එයට ඔබට සාර්ථක දිනයක්. නමුත් මන්දගාමී ස්වභාවය අඩු කරගෙන අද දවසට මුහුණ දෙන්න. බාහිර අයගේ හිත හොදකම නිසාම ඔබට සකසුරුවම්කම ලැබීම ඇති දිනයක්. පුණ්‍යකාමී සිතුවිලි ඇති වේවි.
ජය වර්ණය දම් පැහැය ජය අංකය 05
ධනු ලග්නය

ඔබටත් අද විශේෂිත වූ වාසිදායක තත්වයක් තියෙනවා. අමතර ලාභ ලැබීම් ඒවගේම පිනට දහමට සිතුවිලි ඇතිවීම් හුදෙක් ඔබ කල කාර්යයකට ලැබීම ඇති වීමත් මංගල්‍යමය ගමන් බිමන් ඇතිවන දිනයක්. නමුත් ඔබ දුරබැහැර ගමන් බිමන් යන්නෙක් නම් යානවාහන වලින් ප්‍රවේසම් වීම ඒවගේම උස නැගීම වැටීම් එවැනි දේ තුලින්ද ඔබට තරමක් දුරට සුළු සුළු බාධා ඇතිවිය හැකියි.ඒවගේම ජලපිඩා ඇති බැවින් ජලයෙන් රැකියා කරන්නන් අද දිනය තුලදී තරමක් දුරට ඉවසිලිවන්තව බුද්ධියෙන් කටයුතු කරන්න. වන්දනා ගමන් ආදිය යන්නන් ජලස්නානය මුහුදු ආශ්‍රිතව හෝ ගංගා ආශ්‍රිතව කටයුතු කිරීම අද තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. අනෙකුත් සියලු ලැබීම ඇතිවන අතර එවැනි දේ තුලින් ඔබ ප්‍රවේසම් වන්න.
ජය වර්ණය කොළ පැහැය ජය අංකය 07
මකර ලග්නය

වෙනදට වඩා උනන්දුව උද්‍යෝගය ඇති වුවත් තරමක් දුරට බාධා සහිත ගතියක්ද මතු වෙනවා. ඔබ ඉතාම හිතවත්ව ඇසුරු කරන්නෙක් අමනාප වීමක් තුලින් ඔබට චිත්ත පීඩා දරා ගැනීමට සිදු වෙනවා. කලක් කරගෙන ගිය දේ වෙනස් කිරීමක් තුලින් ඔබට පාඩු හානි ලක් වීමටද ඉඩ තිබෙනවා. විශේෂයෙන් බාහිර අයගේ කටයුතු ඔබ මතට පැටවීම නිසා කාර්යබහුල වෙනවා. වරින් වර චිත්ත පිඩා කලකිරීම් මද්‍යයේ කටයුතු කරන්නටත් ඔබට සිදු වෙනවා. අනවශ්‍ය පැටලිලි නිසා කලකිරීම් මතු වේවි. එබැවින් ඉවසිලිවන්ත වන්න. ගමන් බිමන් යාමේදී වරින් වර සුළු සුළු පාඩු හානි ඇති වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් ඔබ හොද අවබෝධයකින් යුතුව දවස ගෙවීමට සිහි තබා ගත යුතුයි.
ජය වර්ණය නිල් පැහැය ජය අංකය 02
කුම්භ ලග්නය

වෙනදට වඩා උද්‍යෝගය උනන්දුව පුණ්‍යකාමී පරිසරයක් තුලින් ඔබට ලබා ගත හැකියි. ගෙදර දොර වාතාවරණය සාර්ථකවන අතර සියලු දෙන එකමුතුව කරන කටයුතු සාර්ථක වෙනවා. අලුත් අදහස් මතුවෙන අතර ලැබීම අතින් යහපත්. බොහෝ දෙනා එකමුතුව කරන්නාවූ කටයුතු සාර්ථක වන අතර හිතවතුන් නිවසට පැමිණීමක් ඔවුන් හා කෙළිදෙලෙන් ගත කිරීමටත් ඔබට අද සිදු වේවි. බාහිර අයගේ කටයුතු බොහෝ විට ඔබ ලවා කර ගැනීමට සිදුවන දිනයක්. වැඩ කටයුතු අධික වේවි. ඥාතීන් අතර හොද හිත පැතිරෙන අතර ඔවුන්ගේ යම් යම් දේ අඩුපාඩු සැලසීමටත් ඔබට සිදු වේවි. අධ්‍යාපනය ලබන්න වූ දරුවන්ට සුභ වෙනවා.
ජය වර්ණය නිල් පැහැය ජය අංකය 02
මීන ලග්නය

අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට යහපත් වූ දිනයක්. එවැනි දෙකින් ප්‍රතිලාභ ලබා ගැනීමටත් ශිෂ්‍යත්ව ලාභිත්වයකටත් ඉඩ තිබෙනවා. කාර්යබහුල වේවි. අනුන්ගේ වැඩ කටයුතු ඔබ මතට පටවා ගන්නා නිසා ඔබ ස්වෝත්සාහයෙන් නැගිටීමට ඇති හැකියාව වැඩියි. කලක් කරගෙන ගිය වැඩ කටයුතු සාර්ථකව නිමා කරගැනීමට ඔබට ඉඩ තිබෙන දිනයක්. ව්‍යපරිකයින්ටත් අතමිට මුදල් ලාභ ලැබේවි. නමුත් ඔබ බොහෝ විට ඉවසිලිවන්තව හා කතාවෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය : 0112509386