News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

රෝහින්ග්‍යා මුස්ලිම්වරු ලංකාවට ආවද? නැද්ද? ඇත්තම ඇත්ත විස්තරය මෙන්න.

3243 Views


රෝහින්ග්‍යා මුස්ලිම්වරු ලංකාවට ආවද? නැද්ද? ඇත්තම ඇත්ත විස්තරය මෙන්න.

ලෝකයේ මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාව තමයි රෝහින්ග්‍යා සරණාගතයින්. දැන් දැන් ලංකාවටත් මේ ප්‍රශ්නය ඇවිත්. මියන්මාරයෙන් පිටුවහල් කරපු රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවටත් ඇවිත් කියලයි සමාජජාල මාධ්‍ය වල කතා වෙන්නෙ. මියන්මාරයේ බෞද්ධ ජනතාවට සහය පලකරලා ඊයේ පා ගමනකුත් ගියා. ලෝකයක්ම කතා කරන රෝහින්ග්‍යා ප්‍රශ්නයේ ඇත්ත නැත්ත මොකක්ද කියලා සියත 24 හොයා බැලුවා.

අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා සන්නද්ධ පිරිස් මියන්මාරයේ පොලිස් මුරපොලවලට පහර දුන්නා. එකේදී ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ඝාතනය කිරීමත් එක්ක තමයි ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්තෙ. එදා ඉදන් මේ වෙනකන් විශාල ගැටුමක් රෝහින්ග්‍යා සටන්කාමීන් හා මියන්මාර රජයේ හමුදා අතර ඇති වෙනවා. කොහොම උනත් මේකෙන් බැට කෑවේ අහිංසක මිනිස්සු. මියන්මාර රජයේ හමුදා තමන්ගේ ගෙවල් ගිනිතියලා මිනිස්සුන්ව සමූහ ඝාතනය කරනවා කියලා දහස් ගණනක් රෝහින්ග්‍ය වැසියෝ බංගලාදේශයට සංක්‍රමණය වෙනවා. මුලින් බන්ගලදෙශයත් ඔවුන්ව බාර ගන්න බෑ කිව්වා. ඒ වුනාට මේ වෙද්දී රෝහින්ග්‍යා මුස්ලිම් පවුල් දෙලක්ෂයක් විතර බංගලාදේශයේ අනාත කදවුරු වල ඉන්නවා. තවත් සමහරු බෝට්ටු වලින් එක එක රටවල් වලට පැනලා යනවා.

ඒ විදියට මියන්මාරයේ ගැටුම්වලින් පළා යමින් හිටිය තිහකට ආසන්න රෝහින්ග්‍යාවරුන් පිරිසක් ලංකාවටත් ආවා. මේ අවුරුද්දෙ අප්‍රේල් 30 වෙනිදා කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව තමයි ඔවුන්ව අත්අඩංගුවට අරන් තියෙන්නෙ. ඒ අතර කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ඉන්නවා .

ඔවුන් මේ වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය භාරයේ ඉන්නෙ. ඒ අධිකරණ නියෝගයකින් ඔවුන් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයට (UNHCR) භාර දුන්න නිසා. දැන් ඔවුන් ඉන්නෙ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක. නීතිවේදී ෂිරාස් නූර්දීන් තමයි ලංකාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නෙ. එක්සත් ජාතීන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමග Expression of Interest නම් ගිවිසුමකට අත්සන් කරලා තියෙන නිසා තමයි ලංකාව ඔවුන්ව බාර අරන් තියෙන්නෙ. ලබන දෙසැම්බර් මාසය වනවිට ඔවුන් වෙනත් රටවලට පිටත් කරනවා කියලා එක්සත් ජාතීන් කියනවා.

මියන්මාරයේ බෞද්ධයන් සහ රෝහින්ග්‍යා ජනතාව අතර පවතින මේ ගැටුම ගැන ලංකාවේ ආණ්ඩුව නම් නිල වශයෙන් ප්‍රකාශයක් කරලා නෑ. “අපි විශ්වාස කරනවා සියලුම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්න ඕනේ කියලා. ඒ වගේම ඒ රටේ ජීවත්වෙන සියලුම ජනතාවගේ අයිතිවාසිකම් රැකගන්න ඕනේ කියන එක, මියන්මාරය හුදෙකලා නොකර, සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුවට විසඳුම් සොයා ගත යුතුයි කියලා මිත්‍ර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය. අපි හිතන්නේ නෑ, ජාත්‍යන්තරව ඔවුන්ව කොන් කිරීමෙන් අපිට විසඳුමක් ලැබෙයි කියල.” කියලයි විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක BBC යට කියලා තිබ්බේ.


News Articles
Latest Videos
Most Popular Post