News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

ලේ උරාබොන කූඹි විශේෂයක් හොයා ගනී.

2906 Views


ලේ උරාබොන කූඹි විශේෂයක් හොයා ගනී.

මේ ලෝකය හරිම පුදුම තැනක්. එක එක විදියෙ ජීවින් බිලියන ගණනක් මේ ලෝකයේ ජිවත් වෙනවා. එත් තාමත් ඒ ජීවින්ගෙන් භාගයක්වත් හොයාගෙන නෑ කියලයි විද්‍යාඥයින් කියන්නෙ. හැබැයි දවසින් දවස අලුත් සත්තු විද්‍යාඥයෝ හොයා ගන්නවා. මේ ඉන්නෙ ඒ විදියට හොයා ගත්ත අලුත් සත්තු කිහිප දෙනෙක්.

1. වීදුරු ගෙම්බා – මේ අපූරු ගෙම්බා හොයාගත්තේ මීට අවුරුදු දෙකකට කලින් කොස්ටරීකාවේ ටැලමංකා වලින්. ශරීරය විනිවිද පෙනෙන ස්වභාවය නිසායි මේ නම තියලා තියෙන්නෙ. මේ ගෙම්බාගේ ඇගේ තියෙන අනිත් ඉන්ද්‍රියන් පවා එලියට පේනවා.

2. ගැඔුරු මුහුදේ වෙසෙන ඇන්ග්ලර් ෆිෂ් – මේ මාළුවා 4ක් විශාලව වැඩෙනවා. බැලු බැල්මට බිහිසුණු පෙනුමක් තමයි තියෙන්නෙ. මේ මාළුවාගේ ඇගේ අන්ටනාවක් වගේ කොටසක් තියෙනවා.

3. ඩස්කි ස්නවුට් කැට් ෂාක් – 2015 දී නිරිත දිග ඉන්දියානු සාගරයෙන් හොයා ගත්ත මෝරෙක් තමයි මේ. අඩි එකහමාරක් විතර ලොකු වෙනවා මේ මාළුවා. බියජනක පෙනුමක් තමයි තියෙන්නෙ. සාගරයේ මතුපිට ඉදන් අඩි 300 ක් විතර ගැඹුරින් තමයි මේ මාළුවා ජිවත් වෙන්නෙ.

4. ඩ්‍රැකියුලා ඈන්ට්ස් – භයානක පෙනුමක් තියෙන කුහුඹු විශේෂයක් තමයි මේ. මේ කූඹි අප්‍රිකාවේ මැඩගස්කර් දිවයිනට ආවේනික විශේෂයක්. ඔවුන් පිලව් වලින් රුධිරය උරා බොන හින්දා තමයි මේ නම ලැබිලා තියෙන්නෙ. මේ කුඹින්ගේ පිරිමි සත්වයින්ට අත් තටුත් තියෙනවා. උපතින්ම මේ කුඹීන්ගේ ඇස් පේන්නෙ නෑ.

5. ටෝපිඩෝ රේ මඩු විශේෂය – ගිණිකොණ දිග අත්ලාන්තික් සාගරයෙන් හම්බුණ මඩු විශේෂයක් තමයි මේ. මේ මදුවන්ට විදුලිය නිපදවන්න පුළුවන්. ගොදුරු අඩපණ කර ගන්න තමයි මේ විදියට කුඩා විදුලියක් යොදා ගන්නෙ.

6.රූබි සී ඩ්‍රැගන් – 2007 වසරේදී සොයාගත් අපූරු මුහුදු අශ්වයෙක්. මේ විදිහේ මුහුදු අශ්වයින් විශේෂ 3යි තාම හොයාගෙන තියෙන්නේ. සෙන්ටිමීටර් 23.5 ක් තරම් දිගයි. දිය යට සවිකරලා තිබ්බ කැමරාවකින් තමයි මේ මුහුදු අශ්වයා සොයාගෙන තියෙන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post