අද 2017 සැප්තැම්බර් මාසයේ 17 ඉරිදා
රාහු කාලය පෙ.ව 04.38 සිට 06.10
සුභ දිශාව දකුණ
මරු සිටින දිශාව උතුර
මේෂ ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබවකින් යුතුව අද වැඩ කටයුතු ආරම්භ කරනවා. අලුත් අය ගෙදරට පැමිණෙන අතර අලුත් අයගේ හිතවත්භාවය මත ඔබට සාර්ථක දිනයක් ලබා ගත හැකියි. මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් කිරීමට හෝ වෙනස් මගකට යොමු කිරීමට ඔබට සිතා සිටි නම් එවැනි දේ ගැන ඔබට ලද හැකියාව වඩාත් තීව්ර කර ගැනීමට සිදු වෙනවා. ගෙයක් දොරක් සෑදීමක් යාන වාහන මිලදී ගැනීමක් ආදී කටයුතු සාර්ථක වෙනවා. විටෙක නිදිමත කම්මැලි ගතියක් මතුවන නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වන්න. රෝග පිඩා පාද ආශ්‍රිතව උරෙස් හා සන්ධිපත් සම්බන්ධයෙන් ඔබ බෙහෙත් ඖෂධ ගන්නවා නම් නියම මාත්‍රාවට අනුව ඒවා කල යුතුයි.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 01
වෘෂභ ලග්නය

උද්‍යෝගය උනන්දුව ඇති දිනයක්. බොහෝ විට බාහිර අයගේ ගැටළු නිසා ඔබට ගෙදරදොර ගැටළු ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න. දුර බැහැර ගමන් බිමන් අනවශ්‍ය පැටලිලි ගමන් බිමන් ඇති දවසක් නිසා තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. සතුරු කරදර වරින් වර මතු වීමට ඉඩ තිබෙනවා. මෙතෙක් කලක් කරගෙන ගිය දේ රැකියාව වෙනස් කිරීමට හෝ වෙනස් මාර්ගයකට යොමු වීමට ඔබට අද ඉඩ ලැබෙනවා. නව අදහස් ක්‍රියාත්මක වේවි. අලුත් හිතවතුන් දූදරුවන් ලගට පැමිණීම නිසා ඔබට සිතට සතුටක් නැගේවි. ඔවුන්ට සුළුවෙන් හෝ යම්කිසි උදව්වක් කිරීම තුලින් අද දවස ඔබට වඩාත් තහවුරු කර ගැනීමට හැකියාවක් තියෙනවා.
ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය 05
මිථුන ලග්නය

උද්‍යෝගය උනන්දුව ක්‍රියාශීලි බව ඇතත් එවැනි දේ තුලින් ඔබ ජයග්‍රහණය උදා කර ගන්නවා. විනෝද සවාරි විනෝද ගමන් බිමන් ඇති වේවි. බොහෝ අය ලගට පැමිණෙන දිනයක්. දුර බැහැර ගමන් බිමන්ද වැඩියි. අතමිට මුදල් ගැවසිම් හෝ ලැබීම් අතින් යහපත් වෙනවා. මෙතෙක් කලක් කරගෙන ගිය ව්‍යාපාර කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගැනීමටත් උසස් අන්දමින් ක්‍රියාත්මක කර ගැනීමටත් ව්‍යාප්ත කර ගැනීමටත් හැකියාව පවතිනවා. ඥාතීන් අතර හොද හිත පතුරන අතර ඔවුන්ගේ යම් යම් අඩුපාඩුකම් නිසාම ඔබට ගැටළු මතු වේවි.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 05
කටක ලග්නය

බොහෝ සිතුවිලි ඇති උත්සව අවස්ථාවකට සහභාගී වීමට හැකියාව තියෙන ඒවගේම රසවත් ආහාර පාන ලැබෙන දිනයක්. වෙනදාට වඩා විනෝදයෙන් කෙළිදෙලෙන් ගත කල හැකියි. පරිබාහිර අය ගෙදරට පැමිණෙන හිතවතුන් මැද සතුටින් සිටිය හැකි දිනයක්. බොහෝ විට නොයෙක් දෙනාගේ ගැටළු විසදීමට ගොස් තමන්ට ගැටළු ඇතිවන නිසා ඉවසිලිවන්ත විය යුතුයි. නමුත් ඔබ කරන කටයුතු සාර්ථක කර ගැනීමට වග බලා ගන්න. අලුත් අලුත් අය ගෙදරට පැමිණේවි. අලුතෙන් යමක් මිලදී ගන්න අලුත් වැඩක් පටන් ගන්න සුභදායී දිනයක්.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 02
සිංහ ලග්නය

අන්‍යන්ගේ කටයුතු තමන්ගේ මෙන් කරන උනන්දුව උද්‍යෝගය ඇති ඔබ අනුන්ට හිත රිදවන අන්දමේ කිසිම වැඩ කටයුත්තකට පෙළඹෙන්නේ නැහැ. ඔවුන් හා සමීපවම සම්බන්ධ කර ගත්තත් අනවශ්‍ය තැනදී ඔබ ගත යුතු ක්‍රියාමාර්ගයන් ගැනීමට පැකිලෙන්නේ නැහැ.බොහෝ විට හොද නරක දෙක අවබෝධ කරගෙන කටයුතු කරන ඔබ ලැබීම අතින් යහපත්. අලුත් අය ගෙදරට පැමිණෙන ඒවගේම හිතවතුන්ගේ ප්‍රශ්න ගැටළු ලිහා ගැනීමට ඇති හැකියාව නිසාම එවැනි කටයුතු සාර්ථක කර ගැනීමට ඉදිරිපත් වේවි.
ජය වර්ණය රෝස පැහැය ජය අංකය 05
කන්‍යා ලග්නය

බොහෝ විට අද දිනය තුලදී ඔබ යම් යම් දේ සිතා සිටියත් ඒවා පැහැර හැරීමට හෝ බාධා කිරීමට සිදු වේවි. ඔබට ගෙදරදොරට ඥාතීන් පැමිණීමක් ඔබ හා සමගි සම්පන්නව කරන කටයුතු වලට දායක වීමට සිදු වේවි. ඥාතීන් අතර හොද හිත පතුරවා ගැනීමට හැකියාවක් තිබෙන අතර ඉකමන් තීරණ ක්ෂණික තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි. පාඩු හානි සිදුවිය හැකියි. අලංකාරයට අදින්න පළදින්න ගමන් බිමන් යන්න අද විශේෂිත වූ හැකියාවක් තියෙනවා. දරුවෙකුගේ උත්සවයක් හෝ දරුවෙකු ගෙදරට ලැබීමක් ගෙදරදොර සාර්ථකත්වයට හේතු වෙනවා.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 05
තුලා ලග්නය

බොහෝ විට නොයෙක් අයුරින් කරන්නට යන දේ සාර්ථක කරගැනීමටද අලුත් හිතවතුන් මැද ඔබට සමිති සමාගම් පැවැත්වීමටත් ගෙදර දොරට පැමිණීමත් නිසා කාර්යබහුල වේවි. මෙතෙක් කරගෙන යන වැඩ කටයුතු වෙනස් මගකට යොමු වීමත් අලුත් අදහස් ක්‍රියාත්මක කර ගැනීමටත් ඉඩ වැඩි දිනයක්. වැඩ කටයුතු රාශියක් තිබෙන නිසා ඔබ දවස අද විවේකය හවස් වරුවේ ගත කරාවි. නිදහස් තැනකට හෝ ආගමික වාතාවරණයක් ඇති ස්ථානයකට ගොස් ඔබට වතාවත් කිරීම තුලින් අද දවස සාර්ථක කර ගැනීමට හැකියාව තියෙනවා. විනෝදජනක කටයුතු ගමන් බිමන් ඇති දිනයක්. පුණ්‍යකාමී සිතුවිලි ඇතිව කටයුතු කරන දිනයක්. එයින් ඔබට සාර්ථකත්වය ලැබේවි.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 05
වෘශ්චික ලග්නය

වෙනදාට වඩා කාර්යශුරි බවක් උත්සහයක් හා විනෝදයක් ඇතිවන නිසාම ඔබට දවස සාර්ථක කර ගැනීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන් උඩ නැගීම වැටීම් ආදියෙන් ප්‍රවේසම් විය යුතුයි. යම් යම් බාධා ඇති වෙනවා. ඒවගේම නිධන්ගත රෝග හදවත් රෝග ඇති අය ප්‍රවේසම් විය යුතු දිනයක්. පාද ආශ්‍රිත හෝ උදරාබාධ ඇතිවන හැටියක් පෙන්නුම් කරනවා. නමුත් ඔබ පිනට දහමට සිතුවිලි ඇතිකරගෙන අන්‍යන් කෙරේ කැපවීමෙන් අනුකම්පාවෙන් වතාවත් කිරීම තුලින් සාර්ථක දිනයක් ලබා ගත හැකියි. ක්ෂණික තීරණ ගැනීමේදී ප්‍රවේසම් විය යුතුයි. එය ඔබට වරින් වර බාධා මද්‍යයේ අන්‍යන්ටත් හිරිහැර ඇති කරාවි.
ජය වර්ණය රතු පැහැය ජය අංකය 02
ධනු ලග්නය

වරින් වර යහපත් ගතියක් ඇති වේවි. අලුත් අය ගෙදරට පැමිණීමත් හිතවතුන් මැද සතුටු සමාදානයේ සිටීමටත් ඉඩ තිබෙනවා. ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පවතින අතර සුළු සුළු සතුරු කරදර ඊර්ෂියා කාරයින්ගෙන් මතු වන්නේ නම් ඒ ගැන වරින්වර සිතා බැලීමට ඔබට හැකියාවක් තියෙනවා. ඇසුරු කරන්නන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය රන්වන් කහ පැහැය ජය අංකය 03
මකර ලග්නය

ඔබ මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු වීමක් හෝ අලුත් අදහස ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතිනවා. විශේෂයෙන් කාලය තුල ඔබට අවිවේකි ගතියක් ඇති වේවි. සවස් යාමයේ නම් හුදකලා ගතියක් ඇති වේවි. බොහෝ විට කරගෙන ආ වැඩ කටයුතු ඈත් වීම් කලකිරීම් ඇති වේවි. හිතවත් අය අමනාප වන අතර ඔබට මිල මුදල් ගැටළු මතු වේවි. මෙතෙක් කලක් කරගෙන ගිය වැරදි කරදර ඔබට සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවි.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 05
කුම්භ ලග්නය

අධ්‍යාපනය ලබන්නන්ට දේශ දීපංකර වල ඇවිදීම් විදේශ රටවල් වලින් ලැබීම ශිෂ්‍යත්වලාභිත්වයකටත් හිමිකම් කියනවා. අලුත් අය ගෙදරට පැමිණේවි. අලුත් අලුත් දේ සොයා යන්න ඉඩ තිබෙන දිනයක්. විශේෂයෙන් උදරාබාධ සම්බන්ධයෙන් තරමක් දුරට ගැටළු මතුවන නිසා එවැනි දේ ගැන ප්‍රවේසම් වන්න. ඒවගේම නිධන් ගත රෝග ඇති අය අද ඉවසිලිවන්තව කටයුතු කරන්න. මන්ද ඔබට එවැනි මංගල කටයුතු වලදී සිත් රිදීම් ඇතිවන නිසාම කලක් කරගෙන ගිය අධ්‍යාපනය වෙනස් කිරීමක් හෝ ලැබීම අතින් යහපත් වෙනවා.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 02
මීන ලග්නය

උද්‍යෝගය උනන්දුව සාර්ථකත්වය සොයා යන දිනයක්. එයින් ඔබට ලැබීම අතින් යහපත් වෙනවා. අලුත් අදහස් මතු වේවි. කරගෙන යන වැඩ රාජකාරී විශේෂිත වූ ක්‍රමයකට පටන් ගැනීමට සිත දෙන අතර මෙතෙක් තිබුන වූ අධ්‍යාපනික කටයුතු රැකියා කටයුතු බාධාවීමකින් පසුව නැවත සාර්ථකත්වයට පත් වෙනවා.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 06
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය : 0112509386