අද 2017 සැප්තැම්බර් මාසයේ 18 සදුදා
රාහු කාලය පෙ.ව 07.32 සිට 09.03
සුභ දිශාව නැගෙනහිර
මරු සිටින දිශාව වයඹ
මේෂ ලග්නය

රැකිරක්ෂා වෙළදාම් ආශ්‍රිතව යම් ආකාරයේ දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම තරගකාරී කටයුතුවල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් එවන් කටයුතු වලින් බොහෝ පහසුවෙන් ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව පවතිනවා. සමාජයේ පොදු කටයුතු වලින් ඔබට බොහෝ වාසි සහගත තත්ව උදා කර ගන්න පුළුවන්. ඒවගේම වෙළදාම් රැකිරක්ෂා කටයුතු වලට සතුරු බාධා තිබුණානම් එවැනි බාධා දුරු කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. තරමක මන්දගාමී ස්වභාවයෙන් තීන්දු තීරණ ගැනීමක් පවතිනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 07
වෘෂභ ලග්නය

මානසික ශක්තිය යහපත් මට්ටමක පවත්වා ගෙන යා හැකියි. පෙර පින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. වැඩිහිටි ඥාතීන්ගෙන් කලක් හමුවීමට නොහැකිව තිබුණු මිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් සැගවුණු ස්වභාවයක් පැවතීම හේතු කොටගෙන ඇතැම් කටයුතු කල් දැමීමේ ස්වභාවයකුත් ඇති වෙන්න පුළුවන්. පුළුවන්කමක් පවතිනවානම් විවෘතව අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු ඔබේ අරමුණු අන් අයට ප්‍රකාශ කරන්න එවිට උදව් උපකාර ලබාගත හැකි වේවි. හවුලේ කරන කටයුතු වලින් පවා ජයග්‍රහණ අත්කර ගත හැකියි. අසල්වාසීන් සමග පවතින සම්බන්ධකම් වැඩි දියුණු කරගත හැකියි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු පොත්පත් ආශ්‍රිත කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු නිසාත් යම් ආකාරයක ආර්ථික ශක්තියක් දියුණු කරගන්න පුළුවන්. තරගකාරී කටයුතු වලටත් යහපත්.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 02
මිථුන ලග්නය

දුර බැහැර ගමන් යන්න ඔබට බොහෝ ආරාධනා ලැබෙනවා. එවැනි ගමන් වලින් ජලාශ්‍රිත පරිසර වලින් ඔබට යම් ආකාරයක පිඩාවක් ඇති වෙනවා. විදුලිය සම්බන්ධ ක්‍රියාකාරකම් ජලය සම්බන්ධ ක්‍රියාකාරකම් තාක්ෂණික මෙවලම් ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී තරමක් කල්පනාකාරී වන්න.අන් අයට යමක් දුන්නොත් එක පෙරලා ලැබෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. මානසික සෞඛ්‍ය ටත් යම් ආකාරයක අසුභතා ඇතිවිය හැකියි. ආර්ථික ශක්තිය යම් සහනදායී මට්ටමක පැවතීම වඩාත් යෝග්‍යයි. රහසිගත අසනීප රහසිගත සතුරන් ඇතිවීමේ අවධානම් තත්වයකුත් ඇති විය හැකියි.
ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය 06
කටක ලග්නය

හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිලිබදව සැකයකින් යුක්තව බලන්න ඔබ අද දවසේදී වැඩි වශයෙන් පෙළඹෙනවා. මේ නිසාම හවුල් ව්‍යාපාර කටයුතු වලට පුංචි පුංචි බාධා ඇති වෙනවා වගේම ප්‍රේමනීය සම්බන්ධතා වලට විවාහ ජීවිතය හා සම්බන්ධ ගැටළු වලටත් වැඩි ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කිරීමත් අන් අයව ඕනවට වඩා අවිශ්වාස කිරීමත් එතරම් යෝග්‍ය වන්නේ නැහැ. පියපස ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලිනුත් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතු යාන වාහන ආදී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. වෙළදාම් කටයුතු දියුණු කරගන්න තමන්ගේ වචනය සමාජය තුල බොහෝ සෙයින් ස්ථාවර කරගන්න අද දවස යෝග්‍යයි.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 02
සිංහ ලග්නය

සියුම් සතුරු කරදර ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින දවසක්. මානසික සුවතාවයකින් යුක්තව කටයුතු සම්පාදන කරගන්න. අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ ඉඩකඩ ඉතාමත්ම පහසුයි. ඊර්ෂියා කම් කුහුකකම් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. ඔබ කරන කටයුතු පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. වචන භාවිතා කිරීමේදී තරමක් ප්‍රවේසම් වන්න. සහෝදර ඥාතීන් සමග හොදහිත වර්ධනය කර ගැනීමේ ඉඩකඩ වෙන්වෙලා පවතිනවා. කොහොම උනත් අධ්‍යාපනික ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට එතරම් යහපත් දිනයක් නොවේ. කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙනවා.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 02
කන්‍යා ලග්නය

අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ එවන් කටයුතු බොහොම පහසුවෙන් ජයග්‍රහණය කරගත හැකියි. තරගකාරී කටයුතු වලට නම් අද දවස එතරම් යහපත් නොවේ. කොන්ද තුනටිය පාදවල හන්දි ආශ්‍රිතව රෝග ඇතිවිය හැකියි. නිතර වියදම් අධික වේවි. අන් අයට උපකාර කරන්න ගිහින් නැති ගැටළු ඇති විය හැකියි. ප්‍රේම සම්බන්ධතා වලට නම් අයහපතක් නැහැ. පියපස ඥාතීන්ගෙන් උපකාර ලබා ගත හැකියි. ඔබ ආයෝජනය කල දේවල් වලින් යමක් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. දුර බැහැර ගමන් වලින් ආහාර පාන අලෙවි කිරීම් තුලින් කලාත්මක දේවල් වලින් වාසි ලැබෙනවා.
ජය වර්ණය ලා කහපැහැය ජය අංකය 07
තුලා ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරලා පවතිනවා. කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙනවා. එවැනි ගමන් බිමන් වලින් ධන ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. යාළුවන් සමග සමාදානයෙන් කටයුතු කිරීමේ හැකියාවත් උදා වෙනවා. අන් අයගේ ආකර්ෂණය පහසුවෙන් ලගා කර ගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් මුද්‍රණය පරිපාලන සන්නිවේදනය වැනි කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ කටයුතු යහපත් වෙනවා. වියදම් ඉහල යා හැකියි.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 08
වෘශ්චික ලග්නය

පවුල හා සමාජය පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරනවා. අන් අය සමග කටයුතු කිරීමේදී වසග කර ගැනීමේ හැකියාව වාග් ශක්තිය තුල උදා වෙනවා. කලාකාමී ආකාරයට කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. අධික කාර්යබහුලත්වය මුල් කරගෙන බොහෝ වැඩ කටයුතු කල් දමන්න හෝ වෙනස් කරන්න නිතර සිදු වේවි. තරමක කම්මැලි සහගත ස්වභාවයකුත් ඇති වෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු තුලින් යම් ආකාරයක ධනයක් උත්පාදනය කර ගන්න පියපස ඥාතීන්ගේ උපකාරත් අවශ්‍ය වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට වුනත් යහපත්. ප්‍රේමනීය සම්බන්ධතා වලටත් යහපත්.
ජය වර්ණය ලා කහපැහැය ජය අංකය 08
ධනු ලග්නය

බොහෝ අදහස් ඔබ තුල පහල වුනත් ඒ අදහස් නිසිලෙස ප්‍රකාශ කිරීමට නොහැකි තත්වයක් ඔබ තුල නිර්මාණය වෙනවා. මේ නිසා බාධා කම්කටොලු ඇතිවිය හැකියි. අන් අය අභිභවා ගමන් කිරීමට ඔබ උත්සහ නොකලත් අන් අය ඔබව අබිභවා ගමන් කිරීමට දරන උත්සාහය නිසා ඔබට චිත්ත පිඩා ඇතිවිය හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී තරමක් කල්පනාකාරී වන්න. අන් අයගේ ගැටළු තමන්ගේ ගැටළු බවට පත්කර ගන්න එපා. මුත්‍රාශය හා ස්නායු ගත රෝගී තත්ව ඇතිවිය හැකියි. කල්පනාකාරී වන්න.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 03
මකර ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වගේම සුරතල් සතුන් හා සම්බන්ධවන කටයුතු වලිනුත් තමන්ට යම් පිඩාවක් ඇති වෙනවා. පරිපාලනමය හැකියාව ඉතාමත්ම යහපත්. පියපස ඥාතීන්ගේ ආශීර්වාදය හිමි වෙනවා. මානව සම්පත් කළමනාකරණ ආදී කටයුතු වලට ඉතා යෝග්‍යයි. ඇගලුම් ක්ෂේත්‍ර භුමිය සම්බන්ධවන ක්ෂේත්‍ර වලිනුත් යමක් දිනා ගත හැකියි. ඔබ අද දවසේදී ගනු ලබන තීන්දු තීරණ මුලික කරගෙන ජයග්‍රහණ ලබා ගත හැකියි. හවුලේ කරන කටයුතු පිළිබද වෙනදට වඩා සැලකිලිමත් වන්න.
ජය වර්ණය දීප්තිමත් කහ පැහැය ජය අංකය 05
කුම්භ ලග්නය

මිත්‍ර ලීලාවෙන් කරන්නාවූ සෑම කටයුත්තකටම ඔබ බොහෝ සෙයින් මහන්සි වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත ගනුදෙනු කිරීම් වර්ධනය වෙනවා.ගෙදරදොරේ කටයුතු වලට යම් ආකාරයක කාලය මිඩංගු කරනවා. මව්පස ඥාතීන් සමග කරන ගණුදෙනු වැඩි වෙනවා වගේම එවන් කටයුතු හේතු කරගෙන වෘත්තිමය කටයුතු වලට පුංචි බාධාකාරී තත්වයක් ඇතිවිය හැකියි. වෙහෙස ඇති ගමන් බිමන් යන්න සිදු වෙනවා. වෙහෙසකර වෘත්තිමය කටයුතු වල නිරත වෙන්නත් සිදු වෙනවා. වැඩිහිටියන් ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලින් ආගමනුකුල පසුබිමක් තුල කරන්නා වූ සෑම කටයුත්තක්ම පහසු ලෙස ජයග්‍රහණය කරනවා.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 07
මීන ලග්නය

ප්‍රේමනීය සබදතා ශක්තිමත් වෙනවා වගේම අන් අයගේ ආකර්ෂණය පහසුවෙන් දිනා ගන්නවා. සතුරන් පවා මිතුරන් කරගන්න පුළුවන් දවසක්. ඔබ තුල තියෙන වාග් ශක්තිය වගේම තර්කන හැකියාව මුලික කරගෙන ජයග්‍රහණ අත්කර ගත හැකියි. සියුම් කටයුතු වලිනුත් යම් ජයග්‍රහණයක් ලැබිය හැකියි. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් වැඩිහිටියන් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ප්‍රේමනීය සම්බන්ධතා වලින් පුංචි බාධා ඇති විය හැකියි.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය : 0766765353