සනත් ජයසූරිය සභාපතිත්වය දරපු තේරීම් කමිටුව ඉන්දියානු තරගාවලියෙන් පස්සෙ ඉල්ලා අස්වුණා. හිස් වුන තේරීම් කමිටුවට එක එක අයගේ නම් යෝජනා වුණා. ඊයේ තේරීම් කමිටු සභාපති ධූරයට ග්‍රැහැම් ලැබ්රෝයි පත් කරා.
අද අපිට ආරංචි වුණා තේරීම් කමිටුවේ අනිත් සාමාජිකයිනුත් පත් කරලා කියලා. අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ සහ ජෙරිල් වව්ටර්ස් තමයි තේරීම් කමිටුවේ අනිත් සාමාජිකයන් විදියට පත් කරලා කියලා කියන්නෙ. අවුරුද්දක කාලයකට තමයි මේ අලුත් තේරීම් කමිටුව පත් කරලා තියෙන්නෙ.