එක විනාඩියක් හරි වැඩිපුර ජිවත් වෙන්න තමයි කවුරුත් කැමති. ඉස්සර මිනිස්සුනම් අවුරුදු 100, 200 ජීවත්වුණා කියනවා. හැබැයි දැන් නම් ලෝකයේ ජිවත් වෙන මිනිස්සුන්ගෙ ආයුෂ අඩුවීගෙන එනවා. බොහොම කලාතුරකින් තමයි අවුරුදු 100 ක් ජිවත් වුන කෙනෙක් හොයාගන්න පුළුවන්. මේ කියන්න යන්නෙ ටිකක් දුක්බර කතාවක්.
ලෝකයේ වයස්ගතම කාන්තාව විදියට සැලකුණ වයලට් මොස්සේ බ්‍රවුන් ඊයේ ජිවිතයෙන් සමු ගත්තා. ඇය මිය යද්දී වයස හරියටම අවුරුදු 117 සහ දින 38 යි. වයලට් 1900 මාර්තු 10 දා තමයි ඉපදිලා තියෙන්නෙ. වයඹදිග ජැමෙයිකාවේ ට්රේලවනි වල තමයි ඇය ජිවත් වුණේ.
වයලට්ගේ මරණයත් එක්ක ජපානයේ 117 හැවිරිදි නබි ටජිමා ලෝකයේ වයස් ගතම කාන්තාව විදියට නම් කෙරුණා.
වයලට් මොස්සේ බ්‍රවුන් මිය යාමෙන් පසුව පස්සේ , ලෝකයේ වයස් ගතම කාන්තාව විදියට නම් කෙරුනු ජපානයේ නබි ටජිමා තමයි මේ ඉන්නේ.
