News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

ඇල්බට් අයින්ස්ටයින්ගේ ගුරුවරයා අවුරුදු 07 ක දරුවෙක් – නුතන විද්‍යාඥන් මවිත කල කතාව.

5003 Views


ඇල්බට් අයින්ස්ටයින්ගේ ගුරුවරයා අවුරුදු 07 ක දරුවෙක් – නුතන විද්‍යාඥන් මවිත කල කතාව.

ඇල්බට් අයින්ස්ටයින් ගැන නොදන්නා කෙනෙක් මේ විශ්වයේම නැතුව ඇති. සහශ්‍රයේ විද්‍යාඥයා විදියට තමයි ඔහුව හඳුන්වනේ. වෙනස්ම විදිහේ මනුස්සයෙක් වුන අයින්ස්ටයින් ගැන පුදුම හිතෙන කතා ගොඩකුත් තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ තවත් කතාවක්.

දවසක් ජර්මනියේ බොන් නුවර, කුඩා ගමක, කඩමණ්ඩියක අයින්ස්ටයින් එළවලු තෝරමින් ඉන්නවා. එතකොට ලඟට ආපු මැදිවියේ කාන්තාවක් අයින්ස්ටයින්ගෙන් බොහොම ගරුසරු ඇතිව ” මහත්මයා, මම ඔබතුමාව මුණගැහෙනකන් හිටියෙ.” කිව්වා. කවදත් කාන්තාවන්ට කැමැත්තක් දක්වපු අයින්ස්ටයින් ඔලුව උස්සලා කවුද කියලා බැලුවා. ඇවිත් හිටිය කාන්තාව හදුනා ගත්ත අයින්ස්ටයින් “ආ.. මේ උල්රිකා මහත්මියනේ, මොකද තකහනියක් මාව හම්බෙන්න ඕන.” කියලා ඇහුවා. “මට සමාවෙන්න මහත්මයා, මගේ මේ දරුව ගණන් වලට ටිකක් දුර්වලයි” කියලා කාන්තාව කිව්වා. එතකොටම අයින්ස්ටයින් “ආ..ඕක සුළු දෙයක්නෙ, හෙට හවස ඉඳන් දරුවාව එවන්නකෝ, මහා ලොකු දුරක්යැ.” කියලා කිව්වා.

ඔය සිදුවීම වෙලා මාසයකට විතර පස්සෙ ආයෙත් අර කාන්තාව අයින්ස්ටයින්ට මුණගැහුනා. “මහත්තයා, මම කිහිපදවසක්ම මහත්තයව මුණගැහෙන්න හිටියේ එත් බැරි වුනා. මම කොහොම ස්තුති කරන්නද මන්දා. දැන් දරුවට හොදට ගණන් පුළුවන්. දරුවාගේ ඉස්කොලෙනුත් ඒ ගැන කියලා එවලා තිබුණා” ඒ කාන්තාව කිව්වා. “ආ ඒක මොකක්ද. මමත් ඔබතුමිය මුණගැහෙන්න හිටියෙ ඔබතුමියට ස්තුති කරන්න.” කියලා අයින්ස්ටයින් කිව්වා. මේ කතාව අහපු කාන්තාවගේ උතුර දකුණ මාරු වුණා. “ඒ මොකටද මහත්තයො., අපිනේ ස්තුති කරන්න ඕන අපේ දරුවට ඉගැන්නුවට.” කියලා කාන්තාව පුදුමයෙන් අයින්ස්ටයින්ට කිව්වා. “ඔව් නෝනා, ඒ කතාව හරි. එත් දරුවට මම ඉගැන්නුවේ ගණන් විතරයි. ඒ වුනාට ඔයාගේ දරුවාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.” කියලා කාන්තාවත් පුදුමයට පත් කරමින් කිව්වා.

කොච්චර බුද්ධිමතෙක් වුනත් අයින්ස්ටයින් කියන්නෙ ගොඩක් නිහතමානි කෙනෙක්. යන්තම් අකුරක් දෙකක් දැනගෙන සියල්ල දත් වගේ ඉන්න සමහර අයට අයින්ස්ටයින් ලොකු පාඩමක් කියලා දෙන්නෙ. ලෝකයේ ඉන්න බුද්ධිමත්ම මිනිසා අවුරුදු 7 ක් කුඩා ළමයෙක්ගෙන් ඉගෙන ගත්තා කිව්වම කවුද පිළිගන්නෙ. ඒ වුනාට ඒ තරම්ම නිහතමානි කෙනෙක් තමයි අයින්ස්ටයින් කියන්නෙ.

 


News Articles
Latest Videos
Most Popular Post