ගැහැණු ළමයි Book Fair යන්නේ පොත් ගන්න නෙවෙයි. වෙන දේකට…
2552 Views
“කියවීම මිනිසා සම්පුර්ණ කරයි.” බඩේ බත් වගේ හැමෝටම මතක වාක්‍යක් තමයි මේක. හැබැයි මේ කියන්නේ තැන තැන කියවන එක නෙවෙයි පොත් පත් එහෙමත් නැත්නම් වැඩකට ඇති දෙයක් කියවන එක කියලා තාම සමහරු දන්නේ නැහැ. අවුරුද්දකට පාරක් කොළඹ පැවැත්වෙන “ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ” ගියාම ඔබටත් ඒ බව තේරෙයි.
ගිය සිකුරාදා පටන් ගත්ත මේ ප්‍රදර්ශණය ලබන ඉරිදා වෙනකං පැවැත්වෙනවා. හැබැයි වෙනදට වඩා මේ පාර පොත් ප්‍රදර්ශනයේ පළවෙනි සති අන්තයේදී පැමිණි පිරිස අඩුයි කියලයි දවස් දෙකේම B.M.I.C.H පැත්තේ ගිය අපිට හිතුනේ. ආපු අයත් ගෙදර ගියේ වැඩි සතුටකින් නෙවෙයි. එකට හේතුව සමහර විට මේ පාර Discount කියන වචනය අඩුවෙන් තිබීම වෙන්න ඇති. කොහොම වුනත් ඉතිරි දවස් වල වෙනදා වගේම සෙනග එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.
අපි මේ කියන්න හැදුවේ වෙන කතාවක්. මේ දවස් වල FB එකේ share වෙන Post වර්ග දෙකක් තියෙනවා. එකක් Book Fair ගිය අය ගත්ත පොත් ටික Photo එකක් ගහලා දානවා. අනිත් එක කෑම කන්න Book Fair යමු කියලා යහළුවන්ට යෝජනා කරනවා, කන්නම Book Fair යන යාලුවොන්ව mention කරනවා.
ඔය අතර ගැහැණු ළමයි Book Fair යන්නේ ඇයි කියලත් අපිට හොයාගන්න පුළුවන් වුණා. ඔන්න එහෙනම් අහගන්න ගැහැණු ළමයි Book Fair යන්නේ කන්නයි, Selfie ගහන්නයි. අපි කිවුවේ බොරුද කියලා අද Book Fair ගියාම ඔබටම බලාගන්න පුළුවන්.