News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

දමිත් අසංක ගොවිතැන් කරන්න පටන් ගත්තේ ජීවිතේ ගැන කලකිරිලද?

5765 Views


දමිත් අසංක ගොවිතැන් කරන්න පටන් ගත්තේ ජීවිතේ ගැන කලකිරිලද?

දමිත් අසංක දැන් නොදන්නා කෙනෙක් නැහැ. ඊයේ පෙරේදා කරපු ” මේ හිතේ ආදරේ ” සින්දුවට රූප රචනයක් නොකලත් ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් දමිත් මේ සින්දුව ගැනත් දමිත්ගේ අළුත් වැඩ මොනවද කියල දැනගන්න අපි දමිත්ට කතා කලා. ඒ වෙලාවේ දමිත් අපට මෙහෙම කතාවක් කිව්වා.

සින්දු කියන එකට අමතරව මම කාලෙකට කලින් තවත් අලුත් වැඩකට අතගැහුවා. ඒ තමයි ගොවිතැන් කටයුතු වලට මගේ වෙලාවෙන් කොටසක් වෙන් කරන්න කටයුතු කලා. ඇත්තටම මේක මට ඇලුත් දෙයක් නෙමෙයි. මොකද පුංචි කාලේ ඉඳලම අපේ පවුලෙ සහ ගමේ ගොඩාක් අයගේ රස්සාව වුනේ ගොවිතැන. ඉතින් ඇත්තටම මට අතේ හුරුවකුත් තියෙනවා. අනිත් එක මම මේ වැඩේ කරන්නෙ පොඩි විනෝදාංශයක් විදිහට වගේම මේ වැඩෙන් අනිත් අය දිරිමත් වෙයි කියල හිතල. ගොඩාක් කාර්යබහුල අවස්තාවකදි වුනත් මේ වැඩේට මම කාලය කොහොමහරි වෙන්කරගන්නවා. මේ වැඩේට මගේ ගෙදර අය වගේම ගමේ ගොඩාක් දෙනෙකුත් උදවු කරනවා. ඇත්තටම මේ විදිහෙ වැඩක් ඔබටත් කරන්න පුළුවන් නම් සමාජයට ලැබෙන ප්‍රතිලාභ වැඩියි. ඔබට පරිසරයත් එක්ක ගොඩක් ඉන්න පුලුවන් නම් ඔබේ හිත සැහැල්ලු කරගෙන ජීවත්වෙන්න වගේම අපේ විනාස වෙලා යන පරිසරය රකින්න අවස්ථාවකුත් තියෙනවා.

ඒ වගේම අපි දමිත්ගෙන් ඇහුවා ඉස්සරහට මොන වගේ නිර්මාණද එන්න තියෙන්නෙ කියල. දමිත් කිව්වේ, “ගොඩක් වෙලාවට මේ දවස් ටිකෙ නම් නිවාඩු පාඩුවේ පාඩුවේ ඉන්නෙ. ඊළඟ නිර්මාණය ගැන ප්ලෑන් කරනවා. එත් එක්කම මම පහුගිය කාලේ සභාගී වුන කටයුත්තක් නිසා ගොඩක් අය හිතුවා මම ජීවීතේ කල කිරිල ද කියලත්. ඇත්තටම ඒක වැරදි ආකල්පයක්. ඇත්තම කිව්වොත් මම නම් හිතන්නෙ මම තමයි මේ ලොකේ හිත නිදහස් කරගෙන සතුටින්ම ඉන්න කෙනා. මම ඒ ජීවත්වෙන නිදහස් පිළිවෙත සමහරුන්ට තේරෙන්නෙ නෑ. ඉතින් මට අන්තිමට හැමෝටම කියන්න තියෙන්නෙ, තමන්ගෙ අතේ තියෙන දෙයක්, නැති කෙනෙක්ට දීලා හරි තව කෙනෙක්ගේ දුකකට පිහිටවෙලා ගන්න සතුට ඔබත් විඳලම බලන්න කියලා. ඒ වගෙම ඕනවට වඩා උඩඟු වෙන්නෙ එපා. තමන්ගෙ ප්‍රමාණය දැනගෙන සරලව ජීවත්වෙන්නෙ පුරුදු වෙන්න. ”

ජිවිතේ කලකිරිලද කියලා අපි ඇහුවම දමිත් දුන්න උත්තරේ මෙන්න…

 


News Articles
Latest Videos
Most Popular Post