News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

තරඟ පාවා දෙන්න බෑ කියලා, බඩේ අමාරුවක් හැදුන නිසා එදා ක්‍රීඩා කරලත් නෑ , චාමරට අවුරුදු 2 ක් ක්‍රිකට් තහනම් කළේ කොහොමද?

2601 Views


තරඟ පාවා දෙන්න බෑ කියලා, බඩේ අමාරුවක් හැදුන නිසා එදා ක්‍රීඩා කරලත් නෑ , චාමරට අවුරුදු 2 ක් ක්‍රිකට් තහනම් කළේ කොහොමද?

“ක්‍රිකට්” දැන් ලංකාවේ අයට මාතෘකාවක්. හැබැයි ලංකාවේ ක්‍රිකට් තාමත් පුවත් මවන එක නවත්තලා නෑ. අලුත්ම කතාව තමයි පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී කළුතර සහ පානදුර ක්‍රීඩා සමාජ තරඟ පාවා දීම.

මේ තරඟ පවා දීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් කරා. ඒ වාර්තාව අනුව කණ්ඩායම් දෙකම වැරදිකාරයෝ විදියට නම් කරලා තියෙනවා. ඒ නිසා කළුතර කණ්ඩායමේ නායක මනෝජ් දේශප්‍රියට සහ පානදුර කණ්ඩායමේ නායක චාමර සිල්වාට අවුරුදු 2 ක සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් තහනමක් දැම්මා. ඒ කියන්නෙ ක්‍රිකට් සෙල්ලම් කරන්නවත්, පුහුණු කරන්නවත්, පරිපාලනයට සම්බන්ධ වෙන්නවත් බෑ.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුන චාමර සිල්වාට දාපු තරඟ තහනම ගැන ලෝකයම කතා කරා. හැබැයි එතනදී චාමරට අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද පාවාදීමට ලක්වුනා කියන තරගයට බඩේ අමාරුවක් නිසා චාමර සෙල්ලම් කරේ නෑ. ඒ වෙනුවට වෙන කෙනෙක් තමයි පිට්ටනියට ආවේ. ඒ වගේම පස්සෙ ආරංචි වුනේ තරග පාවාදීමට අකමැති නිසා චාමර සිල්වා තරගයේ අන්තිම දිනයේ ක්‍රීඩාංගනයට අවේ නෑ කියලයි. ඒ නිසයි චාමරට අසාධාරණයක් වුනා කියලා මහේල ජයවර්ධන වගේම රසල් ආර්නල්ඩ් twitter පණිවිඩ නිකුත් කරේ.

සෙල්ලම් කරපු ක්‍රීඩකයන්ට තහනම් දැම්මට කණ්ඩායම් වල නිලධාරින් කාටවත් කිසිම පරික්ෂනයක්වත් තියලා නෑ. කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ විතරක් තරඟ පවා දෙයි කියලා හිතන්න බෑ. අනිවාර්යෙන් මේකට නිලධාරීන්ගේ සම්බන්ධයකුත් තියෙන්න ඕන. ඒ වුනාට අන්තිමේදී ක්‍රීඩකයොන්ට විතරක් වන්දි ගෙවන්න වුනා.

මුලින්ම ජාතික කණ්ඩායම පරාජයේ මඩ පැල්ලම නා ගත්තා. දැන් පළමු පෙළ කණ්ඩායම තරඟ පාවාදීමේ කළු පැල්ලම ග ගත්තා. පෙන විදියටම මේ ක්‍රිකට් වෛරස් එක පාසල් ක්‍රිකට් වලට වෙනකම් යයි වගේ. ඒ නිසා දැන්ම මේකට ස්ථිර පිලියමක් යොදන්න වෙනවා. නැත්තම් නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් තියා චේන්සෝ කියතකින්වත් කපලා අයින් කරන්න බැරි වෙයි.


News Articles
Latest Videos
Most Popular Post